නුදුරේදීම විවෘත වීමට නියමිත කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළු වන්නෙකුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළු වී පළමු වතාවට වරදකරු වන අයෙකුට රු. 1000 නොඉක්මන දඩයක්ද ඊට වැඩ වාර ගණනක් වරදකරු වන පුද්ගලයන්ට රුපියල් 100,000 නොඉක්මවන දඩයකට යටත් කරෙන බවද අධිකාරිය සඳහන් කරයි.
මේ දිනවල ඉදිකෙරමින් පවතින කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට යම් යම් පුද්ගලයන් අනවසරයෙන් ඇතුළු වීම නිසා එහි ඉදිකිරීම් කටයුතුවලට සිදුවනා බාධා වැළැක්වීමේ අරමුණින් මේ පියවර ගෙන ඇත