-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ශ්‍රී ලංකා පොලිසියට අනුබද්ධව සිටිනා පොලිස් සුනඛ ජෝඩු කිහිපයක් විවාහ කිරීමේ සිදුවීමක් පසුගියදා සිදුකෙරුණා. මෙය ශ්‍රී ලංකාවේ මාධ්‍ය වලද පළමු පුවතක් ලෙසම වාර්තා කල අතර මෙසේ පොලිස් සුනඛයන් විවාහ කිරීමේ අරමුණ ලෙස පොලිසිය කියා සිටියේ උන්ගෙන් ශ්‍රී ලංකාවේ දේශගුණයට ගැලපෙන, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහල පැටවුන් ලබා ගැනීම බවයි. 

කෙසේ වෙතත් මෙයට ශ්‍රී ලංකාවේ සංස්කෘතික ඇමතිවරයාගේ ලැබුනේ නම් හොඳ ප්‍රතිචාරයක් නොවේ. ඔහු මේ සිද්ධිය හෙලා දකිමින් මේ පිලිබදව පරීක්ෂණද පැවැත්විය යුතු බව කියා සිටියා. මේ අතර මේ සිදුවීම විදෙස් මාධ්‍යවලට, විශේෂයෙන්ම ඕපාදුප ආදීය පල කරනා මාධ්‍ය වලට හොඳ කටගැස්මක් බවට පත්ව තිබෙනවා. 

ලන්ඩනයේ ගාඩියන් හා මිරර් වැනි මාධ්‍ය ආයතන, මෙට්‍රෝ ආදී වෙබ් අඩවි මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ වෙබ් අඩවිද මේ ලංකාවේ බලු මඟුල ගැන වාර්තා කොට තිබුනා. ඇතැම් මාධ්‍ය සුනඛ ජෝඩු විවාහ කිරීමේ උත්සවට සංස්කෘතික ඇමතිවරයා දැක්වූ විරෝධතාවය ගැනද කියා තිබු අතර මේවට අදහස් පලකරනා පාඨකයන් බහුතරය නම් පොලිසියේ ක්‍රියාව අගය කර තිබුනා. 

ඒ උදවිය කියා සිටින්නේ මෙලෙස සතුන්ගේ හැඟීම ගැනත් කල්පනා කිරීම කොතරම් අගනේද යන්නයි. ඇතැමුන් ශ්‍රී ලංකාව ගැනද පැහැදීමෙන් අදහස් දක්වා තිබුණු අතර ශ්‍රී ලංකාවට පැමිණි තිබු උදවිය නැවත එහි යා යුතු බවද කියා තිබුනා. කෙසේ වෙතත් සංස්කෘතික ඇමතිවරයාට නම් ඒ පාඨක අදහස් වල තිබුනේ යහපත් ප්‍රතිචාර නොවේ. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos