ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) දැන් ඔබ යන වෙබ් අඩවි මොනවද කියා බලනවා පමණක් නොව, ඔබ යන අඩවිය අවහිර කොට ඔබට වෙළද දැන්වීම් පවා පෙන්නන තරමට පහත් තත්වයකට පත්වී ඇත.
මොකද්ද ඇත්තටම මෙහි සිදුවන්නේ ?
උදාහරණයක් ලෙස, ඔබ cmbtimes.com වෙත පිවිසෙන්නේ නම් ලංකා සී නිවුස් වෙබ් අඩවිය වෙනුවට එය වලක්වා ඔබට ශ්‍රී ලංකා ටෙලිකොම් වෙළද දැන්වීමක් පෙන්වයි.
ඇයි මේ ගැන අපි සැලකිලිමත් විය යුත්තේ ?
මෙය හදුන්වන්නේ Man-in-the-middle attack (Link) යනුවෙනි. මෙය හැකර් වරුන් යොදාගන්න උපක්‍රමයකි. යම්කිසි කෙනෙකු ඇතුල් වන අඩවියක් වෙනස් කොට දත්ත සොරාගැනීමට යොදාගන්න ක්‍රමයකි.
ඔබ යන අඩවියේ පිටු තුලට SLT විසින් ඔවුන්ගේ කේතයක් (code) එකක් හොර රහසේ ඇතුලත් කොට මෙමගින් වෙළද දැන්වීම් පෙන්වීම පමණක් නොව, මෙම උපක්‍රමය මගින් SLT හට ඔබ ඇතුලත් කරන රහස් පද (password) නැත්නම් ඔබ යවන ඊමේල්, බ්ලොග් අඩවි වලට යොදන අදහස් පවා SLT හට ග්‍රහණය කරගත හැක.
මෙය ඔබේ පවුද්ගලිකත්වයට පමණක් නොව, ශ්‍රී ලංකාවේ පරිගණක අපරාද පනතට අනුව නීතිවිරෝදී ක්‍රියාවකි. (COMPUTER CRIME ACT, No. 24 OF 2007 – Link) මෙහි පස්වන වගතියේ මෙලෙස සදහන් වේ.
මෙමගින් පැහැදිලිව පෙනෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් (අ), (ආ) එන පැහැදිලි කිරීම දෙකම සෘජුවම උල්ලනය කරන බවයි.
මෙමගින් පරිබෝගියන් නොමග යැවීම පමණක් නොව, ඔවුන්ගේ පෞද්ගලිකත්වයට පවා හානි සිදුවීමද සිදු කරයි.
සමාගම් මෙවැනි දේවල් සිදුකරන්න මහජනතාවගේ ඇති නොදැනුවත් කම වගේම, ඔවුන් තමාගේ අයිතිවාසිකම්වලට නැගී සිටින්න මැලි වීම වගේම අන්තර් ජාල සමාගම් පාලනයට ඇති ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාවේ (TRC) ඇති බෙලහීනතාවය නිසා බව අපේ හැඟීමයි.