මාළිගාවත්ත ප‍්‍රදේශයේ ඊයේ (12) පස්වරුවේ සිදුකළ වැටලීමකින් ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් 8 දෙනෙකු සහ ඊට අනුබල දුන් පුද්ගලයෙකු පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් විදේශ රැකියාවලට යන බව සිය ඥාතීන්ට පවසා මෙලෙස ගණිකා වෘත්තියේ යෙදී ඇති බව පොලිසිය ප්‍රකාශකරයි . ඔවුන් මඩකලපුව, වව්නියාව යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්. එක් කාන්තාවක් ගැබිණියක බව ද අනාවරණය වී තිබෙනවා. ඔවුන් අද මාළිගාකන්ද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අනුව මීට පෙරද මරදාන ඇතුළු කොළඹ අවට ගණිකාවන් විශාල ප්‍රමාණයක් අල්ලා ගැනීමට පොලිසියට හැකිවිය...