කලක සිට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පසුගිය ජූලි මස රුපියල් ලක්ෂ හතකට අධික මුදලක් වැය කරමින් නව ටයි පටි ලබා ගෙන ඇති බවට දැනගන්නට තිබේ.
දකුණු අප‍්‍රිකානු සංචාරය ඉලක්ක කරගෙන නිමවා ගත්තේ යැයි කියන මෙම ටයි පටි වෙනුවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය රුපියල් 750,000ක මුදලක් ගෙවා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට තිබේ.
මෙම නව ටයි පටි විධායක කමිටු සාමාජිකයන්ම එක බැගින් ලබා දී ඇති බවත්, ඉතිරි ටයි පටි සංචාර වලට සහභාගී වන ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ කණ්ඩායම් වලට ලබා දීමට සූදානමින් සිටින බවත් වාර්තා වේ.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටු සාමාජිකයකුගෙන් මේ පිළිබද කළ විමසුමකදී පැවසුවේ තමන්ටද ටයි පටියක් ලැබුණු බවත් ඒ සදහා වැය වූ මුදල පිළිබද තමන් නොදන්නා බවත්ය.