චීනයේ වාසය කරනා අවුරුදු 46 ක් වයසැති පුද්ගලයෙක්ව, ඔහුගේ දෙමාපියන් විසින්ම වසර 30 ක් තිස්සේ කුඩුවක දමා සිරකර තබාගෙන සිටිනවා. ඩොන්ග් හයි නමැති මේ පුද්ගලයා මෙලෙස කුඩා කල සිටම යම්කසි මානසික ගැටළුවකින් පෙළීමනිසා මෙලෙස මීටර 5x5 ප්රමාණයේ සිරගෙයක දමාගෙන සිටිනා බවයි ඔහුගේ දෙමාපියන් කියන්නේ.
මේ පුද්ගලයාගේ දෙමාපියන් 1983දී මේ ජායාරුප වලින් දැක්වෙන ගල්ගෙය ඔවුන්ගේ ගෙවත්තේ සදා එවකට අවුරුදු 16 ක් වූ ඩොන්ග් හයි ව මෙහි සිරකර දැමුවා. දැනට 70 වියේ පසුවන ඩොන්ග් හයි ගේ දෙමාපියන් කල්පනා කරන්නේ ඔවුන් මියගිය පසු මොහුට කුමක් වේදැයි කියායි.