-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු තම ජංගම දුරකථනයෙන් කොට ගවුම් ඇඳ සිටි කාන්තාවන්ගේ කලවා පෙදෙස් සහ සමහර කාන්තාවන්ගේ ළැම පෙදෙස් හොර රහසේ වීඩියෝ ගත කරමින් සිටියදී  බි‍්‍රතාන්‍ය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අවවාද කොට මුදාහැර ඇතැයි වාර්තා වේ.

මෙම 32 හැවිරිදි වෛද්‍යවරයා ලන්ඩනයේ ට‍්‍රැෆල්ගාර් චතුරශ‍්‍රය සහ ජාතික කලාගාරය වැනි ස්ථානවල ගැවසෙමින් මෙම කි‍්‍රයාවේ යෙදී  ඇති බව ලන්ඩනයේ  ඬේලි මේල් පුවත්පත සඳහන් කරයි.

ටිෆනි ඇන්ඩර්සන් නමැති පොලිස් කාන්තාව සාමාන්‍ය ඇඳුමෙන්  සැරසි ට‍්‍රැෆල්ගාර් චතුරශ‍්‍රය අසල රාජකාරියේ  යෙදී සිටියදි මේ තැනැත්තාගේ හැසිරිම් විලාශය පිළිබඳ සැකසිතී ඔහු අත්අඩංගුවට ගෙන ඔහුගේ ජංගම දුරකථනය පරීක්‍ෂා කළ අවස්ථාවේදී ඔහුගේ අශෝභන කි‍්‍රයාවලිය හෙළිවූ බවත් එම ජංගම දුරකථනයේ  පොලිස් කාන්තාවගේ කලවා පෙදෙසද සටහන් වී තිබූ බවත් වාර්තාවේ සඳහන්ය.

වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පොලිසියට කියා තිබුණේ තමා මෙවැනි වැරදි කි‍්‍රයාවක් කළ පළමු වතාව මෙය බැවින් තමාට දඬුවම්  නොකොට නිදහස් කරන ලෙසය. මෙම ඉල්ලීම අනුව පොලිසිය ඔහුට අවවාද කොට ඔහු නිදහස් කළද  බි‍්‍රතාන්‍යයේ වෛද්‍ය සභාව මගින් ඔහුට එරෙහිව විනය පරික්‍ෂණයක් ආරම්භ කර ඇතැයි ඬේලිමේල් පුවත්පත කියයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos