-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරි වයඹ පළාත් සභා මැතිවරණයට අනෝමා ෆොන්සේකා මහත්මිය ඉදිරිපත් කිරිමට මුලින් ගෙන තිබූ එකඟතාව බිඳහෙලීම හේතුවෙන් ෆොන්සේකා මහතාට සහාය දක්වන එජාප මන්ත‍්‍රීවරු පිරිසක් එම පක්ෂයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
තම බිරිඳ වයඹ මැතිවරණයට ඉදිරිපත් කිරීමට ෆොන්සේකා මහතා ආකමැත්ත පළකිරීම, එම මන්ත‍්‍රීවරුන් පිරිසගේ විරෝධතාවට හේතුව වී තිබේ.
ෆොන්සේකා මහතාට සහාය දැක්වීම මත මේ වනවිට එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්කර සිටින මෙම මන්ත‍්‍රීවරුන් පිරිසගේ මතය වී තිබෙන්නේ, වයඹ මහ ඇමති අපේක්ෂක ධූරයට ප‍්‍රබල අපේක්ෂකයෙකු ලෙස අනෝමා ෆොන්සේකා මහත්මිය ඉදිරිපත් කළහොත් පමණක් ප‍්‍රබල ජයග‍්‍රහණයක් වයඹින් ලබාගත හැකි බවයි. එමෙන්ම එයින් පක්ෂයට ඇති ජනමතය රටටම පෙන්වාදිය හැකි බවද ඔවුන්ගේ මතය වී ඇත. එමෙන්ම මෙම මැතිවරණයට තනිව තරඟ කිරීමට ෆොන්සේකා මහතා ගෙන ඇති තීරණයටද දැඩිව විරෝධය පළකර ඇති මෙම මන්ත‍්‍රීවරුන් පිරිස, එසේ කිරීමෙන් අත්වන්නේ පරාජයක් බවද ඔහුට පෙන්වා දී ඇත.
මෙම කරුණු ඇතුළුව තමන් ඉදිරිපත් කරන තවත් කරුණු කිහිපයකට එකඟවන්නේ නම් පමණක් ෆොන්සේකා මහතාට ඉදිරියට සහය දක්වන බවද, එසේ නොවන්නේ නම් එම පක්ෂයෙන් ඉවත්ව නිහඬව සිටීමට තීරණය කළ බව එම මන්ත‍්‍රී කණ්ඩායමේ අශෝක් අබේසිංහ මහතා පැවසීය.
මෙම මන්ත‍්‍රීවරුන් පිරිසගේ මතය වී තිබෙන්නේ ෆොන්සේකා මහතා හමුදාවේ ක‍්‍රමයට දේශපාලනය කිරීමට යාමෙන් එම පක්ෂය විනාශ වී යා හැකි බවය. මෙම තත්ත්වය මත ෆොන්සේකා මහතගේ පක්ෂයෙන් වයඹ මැතිවරණයට තරග වැදීමට සුදානමින් සිටි චන්ද්‍රිකා කුමාරනතුංග මහත්මියගේ හිතවතුන් පිරිසද එම ලැයිස්තුවෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos