-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තමන්ගේ සීමාව හඳුනාගෙන විනෝදවීමට, විනෝදාස්‌වාදය ලැබීමට අප කාටත් වගේම තරුණයන්ටත් අයිතිවාසිකමක්‌ තිබෙන බවත්,කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී තරුණයන් පිරිසකට පහරදීම තරයේ හෙළා දකින බවත්, මෙය තවත් එක්‌ අහඹු සිද්ධියක්‌ ලෙස දැකීමට කැමැත්තක්‌ නැති බවත් ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී. එහි මෙසේද සඳහන් වෙයි.
පසුගියදා කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී තරුණයන්ට පහරදීම තරයේ හෙළා දැකිය යුතු සිද්ධියක්‌ ලෙස අපි දකිමු. මෙය තවත් එක්‌ අහඹු සිද්ධියක්‌ ලෙස දැකීමට අපේ කැමැත්තක්‌ නැත. කොළඹ දී විනෝදාස්‌වාදය සඳහා පැමිණි තරුණයන්ට සමාජ ශාලාවේදී සිදුකරන ලද පහරදීම ගමේදී සංගීත සංදර්ශනය නැරඹීමට යන තරුණයන්ට සංවිධායකයන්ගෙන් වන පහරදීම් දක්‌වා දුරදිග ගොස්‌ ඇති අයුරු පසුගිය දිනවල පුවත්පත් බැලීමේදී කාටත් නිරීක්‍ෂණය වේ.
තරුණ බව, තරුණකම යනු අලුත් අත්දැකීම් හඹා යන, එක ලෙස සිටින සිතන සමකාලීනයන් සමග රස්‌තියාදු ගැසීමට කැමති කාලයකි. විනෝදවීම යනු පවක්‌ නොවේ. තමන්ගේ සීමාව හඳුනාගෙන විනෝදවීමට, විනෝදාස්‌වාදය ලැබීමට අප කාටත් වගේම තරුණයන්ටත් අයිතිවාසිකමක්‌ තිබේ. යෝජිත තරුණ ප්‍රතිපත්ති කෙටුම්පත මගින් ද තරුණයාට විනෝදාස්‌වාදය ලැබීමට හා විඳීමට ඇති මෙම අයිතිය ආරක්‍ෂා කර තිබේ.
වසර 30 ක්‌ පැවැති යුද්ධයක්‌ අවසන් කර සාමකාමී රටක්‌ නිර්මාණය වී ඇති මොහොතක තරුණයන්ට විවේක කාලය නිදහසේ, ප්‍රීතියෙන් ගත කිරීමට ඇති අවස්‌ථා ද වැඩි කිරීමට රටක්‌ ලෙස ප්‍රතිපත්ති තීරණ ගැනීමට හා ක්‍රියාත්මක කිරීමට තවත් යුගයක්‌ උදාවෙනු ඇතැයි අපට සිතිය නොහැක.
අනික්‌ අතට අවාසනාවන්තම කාරණය අග නගරය තුළ මෙවැනි ප්‍රවෘත්ති විදේශ සංචාරකයන් හා සංචාරක ව්‍යාපාරය කෙරෙහි කරනා බලපෑමයි. වසරකට වරක්‌ හෝ දෙවරක්‌ ලැබෙන විවේකය ගත කිරීම සඳහා පිටරැටියන් ලංකාවට පැමිණෙන්නේ දිවා රාත්‍රී කාල දෙකම සතුටින් ගත කිරීමේ රිසියෙනි. නමුත් රාත්‍රී සමාජ ශාලා තුළ ඇතිවන මෙවැනි සිදුවීම් සංචාරක ව්‍යාපාරයට සෘජුව අහිතකර ලෙස බලපායි. සංචාරකයන් අප රටට පැමිණෙන්නේ අන්තර්ජාලය තුළ අප රට සම්බන්ධ පුවත් කියවීමෙනි.
ඔවුන් ද නිදහසේ ගත කිරීමට පැමිණෙන රාත්‍රී සමාජ ශාලා තුළ මෙවැනි පහරදීම් සිදුවීම ලංකාවට පැමිණීම ගැන දෙවරක්‌ සිතීමට පෙළඹවෙනු නොඅනුමානය. තරුණයන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් බලධාරීන් ක්‍රියාත්මක වීම අනිවාර්ය යෑයි අපි පවසන්නේ මෙවැනි සන්දර්භයක්‌ තුළය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos