-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

යුක්රේන කාන්තාවකට පොලිස් නිලධාරින් දෙදෙනෙකු සහ රියදුරෙක් විසින් අතවර කොට පහරදීමේ සිදුවීමට විරෝධය පාමින් විරෝධතාකරුවෝ ව‍්‍රැඩියෙව්කා නගරයේ පොලිසියට පහර දී ගිනිබත් කර තිබේ.

කියව් අගනුවරට කිලෝමීටර 330ක් ඈතින් පිහිටා ඇති මෙහි විරෝධතාකරුවන් විසිරුවීම සඳහා කඳුළු ගෑස් භාවිතා කර ඇති අතර මේ වන විට සිය ගණනක් විශේෂ හමුදා භටයන් විසින් පොලිසිය රැකවල් කරමින් සිටින බවද වාර්තා වේ.  

29 හැවිරිදි ඉරීනා ක‍්‍රැෂ්කෝවා රාත‍්‍රි සමාජ ශාලාවක සිට නිවස බලා යද්දී බලහත්කාරයෙන් ඇයව පොලිස් රථයට නංවා ගෙන පහර දී දුෂණය කර තිබේ.

හිංසනයට ලක්ව වනාන්තරයක මධ්‍යයේ තනිකර දමා ගිය විට මරණය ප‍්‍රාර්ථනා කළ බව ඇය මාධ්‍ය වෙත කියා ඇත.  මේ වන විට රෝහල්ගත කර ඇති ඇයගේ හිස්කබල පුපුරා ඇති බවත් ශරීරය පුරා තුවාල සිදුවී ඇති බවත් ආරංචි මාර්ග පවසයි.

සිදුවීම සම්බන්ධ චෝදනා ලැබූ රියදුරු සහ නිලධාරියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ නමුත් එදින රාත‍්‍රි තමන් සේවා මුරයේ යෙදී සිටි බව පැවසූ එක් නිලධාරියෙකු නිදැල්ලේ හැර ඇත.  අපරාධයට ලක්වූ ඉරීනා පවසන්නේ තමන්ට පහරදී දුෂණය කළ පළමුවැන්නා නිදැල්ලේ සිටින පුද්ගලයා බවයි.

විරෝධතාවයෙන් අනතුරුව එම නිලධාරියාද පොලිසිය විසින් රඳවා තබගෙන ඇති අතර අධිකරණ තීරණයක් මගින් අත්අඩංගුවට ගැනීම හෝ ඇප මත නිදහස් කිරීම සිදුවනු ඇත.  මේ සමග යුක්රේනය පුරා ආණ්ඩු විරෝධය උත්සන්න වූ අතර සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පර්යේෂණයක් සිදුකරන ලෙස යුක්රේන ජනාධිපති වික්ටර් යානුකොවිච් නියෝග කර තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week