-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

‘පිංපොං’ කිව්වහම කවුරුත් ඔහුව හඳුනනවා. උප්පැන්නයේ නම රජිත හිරාන් චාමිකර වුවත් ‘පිංපොං'ට ප්‍රේක්ෂකයින් ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉහළයි. මේ නිසාම බොහෝ නළු නිළියන්ට මෙන් පිංපොංටත් රසික ජනතාවගෙන් අඩුවක් නැහැ. පසුගිය දවසක රසිකයෙක් නිසා පිංපොංටත් රෝහලට යන්න සිදු වූ පුවතක් අපිට ආරංචි වුණා.

“වයස අවුරුදු හතළිහක පමණ රසිකයෙක් සතියකට වතාවක් අපේ ගෙදර එනවා. මම ගෙදර ඉන්න වෙලාව බලලා තමයි ඔහු එන්නේ. ඇවිත් ඔහුගේ පාඩුවේ කොරිඩෝවේ පුටුවකට වෙලා ඉඳගෙන ඉන්නවා. මම අහන දේට පිළිතුරු දෙනවා. වැඩිය කතාබහ කරන්නෙත් නැහැ. මේ රසිකයා උදේ ඉඳල හවස් වනතුරුම ඉඳගෙන ඉන්නවා.
මටත් ඉතින් රසිකයෙක් හින්දා හිත රිදෙන්න මොකුත්ම කියන්න බැහැනේ. ඉතින් මේ රසිකයාට අපි කෑම බීමවලින් පවා සංග්‍රහ කරනවා. දවසක් ඔහු ආ වේලාවක මට හදිස්සියේ මළ ගෙදරකට යන්න සිද්ධ වුණා. මේ රසිකයත් බලෙන්ම වගේ මාත් එක්ක මේ මළ ගෙදරට ආවා.”
“මළ ගෙදරදී මොහු පපුව අල්ලාගෙන පපුව රිදෙනවා කියමින් කෑ ගහන්න ගත්තා. ඉතින් මළ ගෙදර හිටපු පිරිස මෙයාව දන්නේ නැති නිසා කලබලයෙන් මෙයත් එක්ක ආව කෙනා කවුද කියලා අහන්න ගත්තා. මම කිව්වා මාත් එක්ක තමයි මෙයා ආවේ කියලා.
කොහොමහරි ඒ අයත් එක්ක එකතු වෙලා මේ රසිකයාව ඉක්මනින් මම රෝහල් ගත කළා. ඔහුව රෝහලේ නවත්වාගෙන සේලයින් ඇතුළු නේවාසික ප්‍රතිකාර ලබා දුන්නා. කොහොමින් හෝ පැය තුනකට වැඩි කාලයක් මටත් රෝහලේ ගත කරන්න සිදු වුණා.
ඒ ප්‍රතිකාරවලින් පසුව ඔහු සුව අතට හැරුණා. ඇත්තටම මම මේ සිදුවීමෙන් පුදුම විදියට බය වුණා. මොකද මට තිබෙන ආදරේට මේ රසිකයා මාව බලන්න ඇවිත් ඔහුගේ ජීවිතයට අනතුරක් වුණානම් මොකද වෙන්නේ කියා.”

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week