-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බාලවයස්කාර (12 හැවිරිදි) සිසුවියන් තිදෙනෙක් උඩුගම ප‍්‍රදේශයේ සිට ගාල්ල නගරයට පලා විත් නගරයේ සැරිසරමින් සිටියදී ගාල්ල පොලීසිය විසින් පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව සිය දෙමාපියන් වෙත බාරදී තිබේ.
උඩුගම ප‍්‍රදේශයේ විදුහලක එකම පන්තියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකු මෙසේ ගාල්ලට පැමිණ ඇත්තේ සිය නිවෙස් වලට ප‍්‍රදේශයේ පන්සලකට යන බව පවසමින් බව  ද අනතුරුව තෙල්ලඹුර  ප‍්‍රදේශයේ මෙහෙණින්වහන්සේලා වැඩ වෙසෙන ආරාමයකට ගොස් තමන් මහණ කරවා ගන්නා ලෙස සිසුවියන් විසින් මෙහෙණින්වහන්සේලා වෙතින් ඉල්ලා තිබේ. මෙහෙණින්වහන්සේලා සිසුවියන්ට පවසා ඇත්තේ පැවිදි කරවන්නට නම් දෙමාපියන් සමග එන ලෙසය.
පසුව මෙහෙණින් වහන්සේලාගෙන් රුපියල් 70ක් ඉල්ලා ගාල්ල නගරයට බස් රථයකින් පැමිණ සමුද්‍ර මාවත  පෙදෙසේ ඇවිද යමින් අතරමංව සිටියදී ගාල්ල පොලීසියට ලද තොරතුරක් අනුව මූලස්ථාන පොලිස් පරීක්ෂක උදයකුමාර මහතා ඇතුළු පොලිස් කාන්තා කාර්යංශය විසින් එම දැරියන් තිදෙනා පොලීසියට කැදවාගෙන ගොස් තොරතුරු අනාවරණය කරගැනීමෙන් අනතුරුව දෙමාපියන් කැදවා  අවවාද කර සිසුවියන් තිදෙනා බාරදී තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos