-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එක්සත් ජාතික පක්‍ෂ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර  මහතා අද දිනයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩු පක්‍ෂයට එක් වීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
අද දිනයේත් විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ තමන්ට ඇති ගැටළු සම්බන්ධයෙන් අවසන් සාතච්චාවක නිරත වීමට ජයසේකර මහතා තීරණය කර ඇති අතර ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ බොහෝ දුරට එම සාකච්චාවද කිසිදු ප‍්‍රතිඵලයකින් තොරව අවසන් වනු ඇති බවයි.
ගනු ලැබීමට නියමිත දේශපාලන තීන්දුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දයාසිරි ජයසේකර මහතා අද දිනයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
තව දුරටත් වාර්තා වන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයසේකර මන්ත්‍රීවරයාගෙන් අද සවස මාධ්‍ය හමුවක් පැවැත්වෙන බවත් ඒ මොහොතේ තම දේශපාලන තීන්දුව ප්‍රකාශයට පත්කරනු ඇති බවත්ය.
මේ අතර පසුගිය දිනවල වාර්තා වූයේ දයාසිරි ජයසේකර මහතා වයඹ පළාත් සභාවට සන්ධානයේ මහ ඇමති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වනු ඇති බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos