-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ශී‍්‍ර ලංකා තාක්‍ෂණ ආයතනයේ (SLIIT) ශීෂ්‍ය නිපුන ධනුෂ්ක රාමනායකට අමානුෂික ලෙස පහරදිමේ  සිද්ධියට සම්බන්ධ  බැව්න් ඔහුට එරෙහිව අපරාධ චොදනා යටතේ නඩු පවරන ලෙසට නීතිපතිවරයාට බලකරන “වැන්ඩාමුස්” රිටි ආඥාවක්  නිකුත් කරන ලෙස ඉල්ලා එම සිසුවා හා ඔහුගේ මව අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

එම අමානුෂික පහරදීම සම්බන්ධ බවට වගඋත්තරකාර වාස් ගුණවර්ධන නැමැත්තා පිළිගත් සාක්‍ෂි තිබියදීත් ඔහුට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා පියවර නොගැනීම ඔහු වෙත ඇති රාජකාරී වගකීමක් යුතුකමක් පැහැර හැරීමක් සහ වරදක් යටපත් කිරීමට බලය අයුතු ලෙස පාවිච්චි  කිරීමක් වන්නේ යැයි ද පෙත්සම්කරුවන් එමගින් අභියාචණාධිකරණයට පෙන්වා දී තිබේ.

තම පුත‍්‍රයා අත්අඩංගුවට ගෙන ඇති බවට ලද දුරකථන ඇමතුමක් අනුව තමා අතුරුගිරිය පොලාසියට ගිය බවත් එහිදි කොළඹ අපරාධ කොට්ඨාසයට ගොස් ඒ පිළිබඳව විමසන ලෙසට එම නිලධාරින් ප‍්‍රකාශ කළ බවත් පෙත්සම්කාර රත්නපුර ලෙල්ලොපිටිය දිප්පිටිගොඩ පදිංචි ආර්.ඥානලතා රාමනායක මහත්මිය සිය පෙත්සම මගින් පෙන්වා දී ඇත.

දෙමටගොඩ පිහිටි  විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසයට ගොස් තම දරුවා පිළිබඳව විමසු අවස්ථාවේදී එවකට එහි අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ වාස් ගුණවර්ධන නැමති වගඋත්තරකරු තමාට ඔහුගේ නිල කාර්යාලයට කැඳවු බවද එමගින් පෙන්වා දී තිබු රාමනායක මහත්මිය සිය පුත‍්‍රයාට පහරදිම නිසා තමාගේ පුත‍්‍රයා අත්අඩංගුවට ගැනීමට සිදු වු බව වගඋත්තරකාර වාස් ගුණවර්ධන නැමැත්තා එහිදි තමාට ප‍්‍රකාශ කළේ යැයි ද පෙන්වා දී තිබුණි.

වග උත්තරකාර වාස් ගුණවර්ධන නැමැත්තාගේ පුත‍්‍රයාගේ ආරක්‍ෂාවට පොලිස් නිලධාරින් යොදවා සිටිය දී තම පුත‍්‍රයා ඔහුට පහර දුන්නේ දැයි තමා ඔහුන්ගෙන් විමසු අවස්ථාවේදී මේවා දුරදිග ගෙනීයන්න  ඕනේ නෑ. ඔයාගේ පුතාට ඉගෙන ගන්න උදව් කරන්නම් යැයි වගඋත්තරකරු තමාට පැවසුවේ යැයිද එමගින් පෙන්වා දී තිබුණි.

ඉන් ස්වල්ප මොහොතකට පසු පහර කෑමට ලක් වී තුවාල ලබා සිටි පුත‍්‍රයාව තමන්ට භාරදුන් බව එම පහර දීම නිසා රෝහල් ගත කළ ඔහුට සති දෙකකට ආසන්න කාලයක් නේවාසිකව ප‍්‍රතිකාර ලබාදීමට සිදු වු බවත් එමගින් පෙනිවා දී තිබුණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week