වැඩ තහනමට ලක්ව සිටින පොලිස් භටයෙක් විසින් අනියම් බිරිදගේ මවට පහරදී ඇය ඇද සිටි සාරිය ගලවා දැමූ බවට සැකපිට ඔහු මඩකලපුව මූලස්ථාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් හිටපු පොලිස් කොස්තාපල්වරයාගේ අනියම් බිරිද බව කියන කාන්තාව විදෙස් රැකියාවකට ගොස් සිටින තර ඇය ආපසු ගෙන්වා දෙන ලෙස ඉල්ලමින් මෙවැන්නක් සිදුකර ඇති බව කියති.
කාන්තාවගේ කෑගැසීම අසා පැමිණි අසල්වාසීන් පිරිසක් සැකකරු අල්ලාගෙන ඒ බව
මඩකලපුව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි මඩකළපුව මූලස්ථාන පොලීසිය පවසයි.