-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගජිනි (Ghajini) හින්දි චිත්‍රපටයට රංඟනයෙන් දායක වූ බොලිවුඩ් නිළි ජියා කාන් (Jiah Khan) මුම්බායි හි පිහිටි සිය නිවසේ බාල්කයක එල්ලී සිය දිවි හානි කරගෙන ඇති බව මුම්බායි පොලීසිය වාර්තා කරයි. 25 හැවිරිදි ඇය සිය දිවි හානි කරගෙන ඇත්තේ ඊයේ (3) රාත්‍රියේදී ය.
පොලීසිය පවසන අයුරින් මේ වන විට ඇයගේ මෙහෙකාරිය, මුරකරු හා අසල්වැසියන්ගෙන් තොරතුර ලබාගැනීම සඳහා ප්‍රශ්ණ කිරීම සිදුවේ. රාම් ගෝපාල් වර්මාගේ නිශාබ්ද් (Nishabd) චිත්‍රපටයේ අම්තාබ් බච්චන් සමඟ රංඟනයෙන් සිනමා ක්ෂේත්‍රයට පිවිසි ඇය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ දක්ෂතම නවක නිළිය ලෙසද පිදුම් ලැබීය.
අනතුරුව අමීර් කාන් රංඟනයෙන් දායක වූ ගජිනි (Ghajini) හින්දි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා ඇය එක්වූ අතර 2010 වසරේ තිරගත වූ හවුස් ෆුල් (House Full) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපනය කිරීමට ඇය සමත් වී ඇත.
කෙසේ වෙතත් ඇය මෙලෙස සිය දිවි හානි කරගැනීමට හේතුව මෙතෙක් අණාවරණය වී නැතත්, තොරතුරු ලද විගසින් ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos