-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කැලණිය ගල්බොරැල්ල තිස්‌ස මාවතේ දෙමහල් නිවසක ඉහළ මාලයේ කුලියට පදිංචිව සිටි තරුණ කාන්තාවක පෙරේදා (3 වැනිදා) එම නිවස තුළදීම අභිරහස්‌ ලෙස මියගොස්‌ ඇතැයි පොලිසිය පවසයි.

මියගිය කාන්තාවගේ සැමියා රැකියාවට ගොස්‌ එද්දී එම නිවසේ ඇතුළතින් දොරගුලුලා තිබූ බැවින් ඒ පිළිබඳ සොයා බලද්දී තම බිරිඳ මියගොස්‌ සිටිනු දැක පොලිසියට දැනුම් දී තිබේ. මෙසේ මියගොස්‌ ඇත්තේ අජන්තා දර්ශනී නමැති 34 හැවිරිදි පුද්ගලික ආයතනයක සේවයේ නිරතව සිටි නිලධාරිනියකි.

රාගම වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, අධිකරණ වෛද්‍ය නිලධාරිනී අනුරුද්ධිකා එදිරිසිංහ මහත්මිය විසින් ඊයේ (4 වැනිදා) දහවල් සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ පරීක්‍ෂා කොට අනතුරුව පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා මියගිය කාන්තාවගේ සිරුර රාගම උතුර කොළඹ ශික්‌ෂණ රෝහල වෙත භාරදී තිබේ.

කැලණිය කොට්‌ඨාස අපරාධ ස්‌ථාන පරීක්‍ෂණ ඒකකයේ ස්‌ථානාධිපති පො. ප. ඒ. කේ. දේවප්‍රිය මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ එම ස්‌ථානයේ මූලික පරීක්‍ෂණ කටයුතු සිදු කළහ.

මෙම කාන්තාවගේ මණය සම්බන්ධව විශේෂ පොලිස්‌ පරීක්‍ෂණයක්‌ ආරම්භ වී තිබෙන අතර වැඩිදුර විමර්ශන කටයුතු කැලණිය පොලිසිය විසින් සිදුකරනු ලබයි.
 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos