පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ. අමිල් මහතා අද දිනයේ සිය නීතීඥයන් මාර්ගයෙන් අධිකරණයට භාර විය.
එහිදී මහේත‍්‍රාත්වරයා තීරණය කර ඇත්තේ ඔහු ජූනි 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.
හිස්වැසුම් සහ රියදුරු බලපත්‍ර නොමැතිව යතුරු පැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදුන් බවට ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභා සභාපතිවරයාට චෝදනා එල්ල වී තිබිණ.