-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ සභාපති චන්දන අරුණදේව මහතාගේ සංකල්පයක්‌ අනුව ආසියාවේ ප්‍රථම වරට ප්‍රදර්ශනය කරනු ලැබූ වීඩියෝ මැපින් (Vedio Mapping) තාක්‍ෂණයෙන් යුත් වෙසක්‌ තොරණ පසුගිය මැයි 25, 26 යන දිනවලදී අධිකාරියේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී ප්‍රදර්ශනය කෙරිණි.

දියුණු රටවල් පමණක්‌ භාවිත කරනු ලබන මෙම වීඩියෝ මැපින් තාක්‍ෂණය විවිධ උත්සවවලදී එළිමහන් අලංකරණය සඳහා භාවිත කෙරේ. මෙම තාක්‍ෂණය භාවිත කරමින් ත්‍රිමාණ සජීවීකරණයෙන් නිර්මිත වූ මෙම වෙසක්‌ තොරණ වෙසක්‌ උත්සවය සිහිගන්වන අලංකාර දර්ශනයන්ගෙන් සමන්විත වී තිබිණි.

මෙතෙක්‌ සාම්ප්‍රදායික වෙසක්‌ තොරණකදී දැක ඇති විදුලි බුබුළු සහ චිත්‍ර වෙනුවට මෙය හාත්පසින්ම වෙනස්‌ නිර්මාණයක්‌ විය. ප්‍රක්‌ෂේපණ යන්ත්‍ර පමණක්‌ භාවිත කරමින් ගොඩනැඟිල්ලේ බිත්තිය මත ත්‍රිමාණ සජීවීකරණයක්‌ ප්‍රක්‌ෂේපනය කර මෙම තොරණ නිර්මාණය කර තිබිණි.

මීට සමගාමීව එම අධිකාරිය පරිශ්‍රයේදී බත් දන්සලක්‌ හා ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ මහතා විසින් සංගීතය සැපයූ අධිකාරියේ සේවක මහත්ම මහත්මීන් විසින් ඉදිරිපත් කරනු ලැබූ බොදු බැති ගී සරණියක්‌ ද පැවැත්විණි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos