දඹුල්ල ප‍්‍රදේශයේ පුද්ගලික කර්මාන්ත ශාලාවක සේවකයකුගේ ගුද මාර්ගයට අධිපීඩන සුළං යන්ත‍්‍රයකින් සුළං ඇතුළු කළ තරුණයකු අසාධ්‍ය තත්ත්වයෙන් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
28 හැවිරිදි මෙම තරුණයාට සැත්කම් දෙකක් සිදුකළ බව වෛද්‍යවරු පවසති. දඹුල්ල, තිත්තවල්ගොල්ල ප‍්‍රදේශයේ පුද්ගලික කර්මාන්ත ශාලාවකදී ඔහුගේ මිතුරකු විසින් මෙම ක‍්‍රියාව සිදුකර ඇති අතර සැකකරු දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
(බණ්ඩාර එරමිණිගම්මන-දඹුල්ල)