-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන මහතා යටතේ සිටි පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් පැහැරගෙන ගොස්‌ ඝාතනය කළ බව කියන බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් භාවිත කළ ජංගම දුරකථනයේ කොටස්‌ ඛෙත්තාරාම කුණු ඇළේ තිබී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23 වැනිදා) සොයාගන්නා ලදී.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ ඊයේ නාවික හමුදාවේ කිමිදුම්කරුවන් දෙදෙනකුගේ සහායෙන් සොයාගත් දුරකථනයේ කොටස්‌වල පරීක්‍ෂණවලට අදාළ දත්ත සොයාගත හැකි බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය.


කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කිරීමෙන් පසු සියාම්ගේ මිතුරා වන ෆවුස්‌ඩීන් නමැත්තා ඔහුගේ ගෝලයකුට සියාම්ගේ දුරකථනය දී එය විනාශ කරන ලෙස උපදෙස්‌ දී ඇත. ඒ අනුව එම ගෝලයා විසින් දුරකථනය කෑලි තුනකට කඩා ශාන්ත සෙබස්‌තියන් ඇළට (කුණු ඇළට) දැමූ බවට ලැබුණු තොරතුරු මත මෙම මෙහෙයුම සිදුකරන ලදී.

ජංගම දුරකථන කොටස්‌ සොයාගැනීම සඳහා නාවික හමුදා නිලධාරීන් දෙදෙනා පැය පහක පමණ කිමිදුම් මෙහෙයුමක නිරත වූහ.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන මහතා සමඟ ඔහු යටතේ පැවැති විමර්ශන අංශයක උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු සහ පොලිස්‌ කොස්‌තාපල්වරුන් තිදෙනකු අත්අඩංගුවට ගත් අතර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා බන්ධනාගාරගත කර සිටී. උප පොලිස්‌ පරීක්‍ෂකවරයා සහ පොලිස්‌ කොස්‌තාපල්වරුන් තිදෙනා ද ෆවුෆaඩීන් ඇතුළු සැකකරුවන් දෙදෙනා ද රැඳවුම් නියෝග මත රඳවාගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ සිදුකරයි.


සියාම් ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන පිස්‌තෝල දෙකක්‌ මේ වන විට පෑලියගොඩ පොලිසියේ තිබී අපරාධ පරීක්‍ෂණ නිලධාරීන් භාරයට ගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්‌පතිවරයා යටතේ සිටි උප පොලිස්‌ පරීක්‍ෂකවරයා ඇතුළු පොලිස්‌ කණ්‌ඩායම විසින් සිදු කළ අපරාධ රැසක්‌ මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෙළි කරගෙන තිබෙන අතර ඉදිරි පරීක්‍ෂණවලදී තවත් සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week