-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රාජ්‍ය ආයතන මගින් ලබා දෙන මහජන සේවාවන් අන්තර්ජාලය සහ ජංගම දුරකථනය ඔස්සේ  ඉ-සේවාවක් ලෙස ලබාදීමෙන් රාජ්‍ය ආයතන වලට වාසි රැසක් අත්වෙන බව  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය ( ICTA) පෙන්වා දෙයි.

විශේෂයෙන්ම ජනතාව සිය අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සදහා  විශාල වශයෙන් රාජ්‍ය ආයතන වලට පැමිණීම අවම කර ගැනීමට මෙමගින් හැකිවේ.එමෙන්ම රාජ්‍ය ආයතනවල භෞතික මෙන්ම මානව සම්පත  විධිමත් ලෙස කළමනාකරණය කර ගැනීම ද මෙමගින් හැකියාව ලැබෙන  බවද නියෝජිතායතනය සදහන් කරයි.

රාජ්‍ය ආයතන මගින් ලබා දෙන  මහජන සේවාවන් ඉ- සේවාවන්  ලෙස  ලබාදීම සදහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පසුගිය අයවැය ඉදිරිපත් කරමින් සදහන් කළේය. මේ වන විට ඉ-රාජ්‍ය ප්‍රතිපත්තියක්ද ක්‍රියාත්මක අතර ඊට අනුගතවීම සෑම  රාජ්‍ය නිලධාරියෙකුගේම වගකීමක් බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කරයි.

රාජ්‍ය ආයතනයකට  ඉ-සේවාවන්  ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය  මුල්‍ය, තාක්‍ෂණික ඇතුලු සෑම පහසුකමක්ම පාහේ ලබා දීම සදහා රජය  ICTA ආයතනය හරහා  සුදානමින්  සිටින බව ජනාධිපති ලේකම්තුමා සදහන් කරයි.
මේවන විට රාජ්‍ය ඉ-සේවාවන් 150ත් 170 ත් අතර ගණනක් ක්‍රියාත්මක අතර   කෙසේ වෙතත් ඉ- සේවාවන් ලබා දීම සදහා රාජ්‍ය ආයතන තව තවත් උනන්දු විය යුතු බව ICTA  ආයතනය පෙන්වා දෙයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week