-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

විවිධ ප‍්‍රදේශවල කාන්තාවන් විසිතුන් දෙනකු සමග විවාහ වෙමින් එම ප‍්‍රදේශවල තරුණයන්ට මෙරට හා පිටරට රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 50ක පමණ මුදල් වංචා කළ පුද්ගලයකු අල්ලා බද්දේගම පොලීසියට භාර දී තිබේ.

කරන්දෙණිය, අම්පේගම ප‍්‍රදේශවාසීන් විසින් අම්පේගම අම්බලම හන්දියේ මුදල් එකතු කරමින් සිටියදී අල්ලා ගන්නා ලද මේ පුද්ගලයා ගස් බැඳ බද්දේගම පොලිසියට භාර දීමෙන් පසු ඔහු කළ සියලූ වංචනික ක‍්‍රියා හෙළිදරව් වී ඇත.

මේ තැනැත්තා ළඟ තිබී විවිධ නම්වලින් සකසා ගත් හැඳුනුම්පත් සමග විවාහ සහතික හතරක්ද සොයා ගෙන තිබේ.

හතළිස් අට හැවිරිදි මේ තැනැත්තා කළුතර ප‍්‍රදේශයේ අයකු බව පවසා ඇතැයි බද්දේගම පොලිසිය කියයි.
දිවයිනේ විවිධ ප‍්‍රදේශ්වල සිටින වයස අවුරුදු තිස්පහට වැඩි කාන්තාවන් 23 දෙනකු මේ අනංගයා විසින් විවාහ කරගෙන ඇත්තේ පුවත්පත්වල මංගල දැන්වීම් පළ කිරීමෙන් අනතුරුවය.

ටික කාලයක් අඹුසැමියන් ලෙස ගත කොට ඉඩකඩම් දේපළ ලියා ගැනීමටද මේ තැනැත්තා කටයුතු කර ඇත. එසේම වංචා කර ලබා ගත් මුදල් රුපියල් ලක්ෂ පනහකට වඩා වැඩි විය හැකි බව පොලිසිය පවසයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week