-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අතීතයේදී වොලිබෝලයක ස්වරූපයකින් හඳුනාගෙන තිබූ මහ පොළොව වර්තමානය වන විට ජී. පී. එස්.
තාක්ෂණය ඔස්සේ රගර් පන්දුවක හැඩය ගන්නා බව දියතලාව මැනුම් හා සිතියම් ගත කිරීමේ ආයතනයේ ප්‍රධානී නියෝජ්‍ය මැනුම්පති (භූමිතික) එස්. ඩී. පී. ජේ. දාම්පේගම මහතා කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (20දා) සාක්ෂි දෙමින් පැවැසීය.කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන නඩුවකට අදාළව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මුහුදු සීමාව නිශ්චිත වශයෙන් හඳුනාගෙන තහවුරු කිරීම සඳහා මෙරට අධිකරණ ඉතිහාසයේ ප්‍රථමවරට ජී. පී. එස්. තාක්ෂණය භාවිත කරමින් සාක්ෂි ලබා දෙමින් නියෝජ්‍ය මැනුම්පතිවරයා එලෙස පැවැසීය.

මේ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු පී්‍රති පද්මන් සූරසේන මහතා ඉදිරියේ විභාග වේ. නීතිපතිවරයා විසින් ඉන්දීය ජාතිකයන් 5 දෙනකුට සහ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් 3 දෙනකුට එරෙහිව හොරොයින් ළඟ තබා ගැනීම, ආනයනය කිරීම, ජාවාරම් කිරීම යන චෝදනා තුනක් යටතේ පවරා ඇති නඩුවේදී මෙසේ ප්‍රථම වරට ජී. පී. එස්. තාක්ෂණය භාවිත කරමින් නියෝජ්‍ය මැනුම්පති දාම්පේගම මහතා මෙලෙස සාක්ෂි ලබා දුන්නේය. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මුහුදු සීමාව නිශ්චිත වශයෙන් හඳුනා ගැනීම සඳහා ජී. පී. එස්. තාක්ෂණය ඔස්සේ ලබාගත් කරුණු ඉදිරිපත් කරමින් සාක්ෂි දෙමින් එලෙස පැවැසූ නියෝජ්‍ය මැනුම්පති දාම්පේගම මහතා ඉන්දු - ලංකා දේශසීමාව ලකුණු කිරීමේ කාර්යයට තමන් පෞද්ගලිකව සහභාගි වූ බව කීය. ජී. පී. එස්. තාක්ෂණය ක්‍රියාත්මක කරන චන්ද්‍රිකා 32ක් මේ වනවිට ගුවන් ගතකර ඇතැයිද එක පුද්ගලයකු ඉලක්ක කරගත් ජී. පී. එස්. චන්ද්‍රිකා 8ත් 12ත් අතර ප්‍රමාණයක් ක්‍රියාත්මක වන බවත් දන්වා සිටි නියෝජ්‍ය මැනුම්පති දාම්පේගම් මහතා, ජී. පී. එස්. තාක්ෂණයේ ආරම්භයේ සිට එහි ව්‍යාප්තිය පිළිබඳ දීර්ඝ හැඳින්වීමක් ද කෙළේය.

ජී. පී. එස්. තාක්ෂණය "මිහිතැන් ගැන්වූ පද්ධතිය" යනුවෙන් සිංහලයෙන් ව්‍යවහාර කරන බවත්, අතීතයේ මහ පොළොව මත සිටින පුද්ගලයකු සිටින ස්ථානය
නිරීක්ෂණය කිරීමට තාරකා පිහිටි ස්ථාන යොදාගත් බවත්, දැන් ස්වාභාවික තාරකා ඉවත් කර කෘත්‍රිම චන්ද්‍රිකා මඟින් ස්ථාන නිරීක්ෂණය කරන බවත් නියෝජ්‍ය මැනුම්පති දාම්පේගම මහතා සාක්ෂි දෙමින් පැවැසීය.

රජයේ ජේ‍යෂ්ඨ නීතිඥ මාධව තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීම යටතේ නියෝජ්‍ය මැනුම්පති දාම්පේගම මහතා සාක්ෂි ලබා දුන්නේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week