-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඇසට නොපෙනෙන තරම් අධික වේගයකින් ගමන් කරමින් තිබූ හඳුනා නොගත් ආකාශ වස්තුවක් නෙදර්ලන්තයේ මුයිඩර්ස්ලොට් මාලිගය ඡයාරූපගත කරමින් සිටි සංචාරකයකුගේ සේයා පටල මත සටහන් වී ඇතැයි වාර්තා වේ.

ඇමස්ටර්ඩෑම්හි අඩිඩාස් ආයතනයේ කළමණාකාරියක වන කොරීන් ෆෙඩරර් මැයි 25 දින තම මව සමග මධ්‍යකාලීන  ඕලන්ද මාළිගය නැරඹීමට ගොස් ඇති අතර සිය අධි සංවේදී HDR කැමරාවෙන් ගත් ඡයාරූපයක අහඹු ලෙස S අකුර හැඩැති වරලක් සහිත වස්තුවක් සටහන් වී තිබෙනු දැක ඇත.

පියවි ඇසට මිස සාමාන්‍යයෙන් කැමරා කාචයට හසු නොවන දෘශ්‍ය වර්ණාවලියේ ඉහළ පරාසයක සේයාරුවක් ලබාගැනීම සඳහා භාවිතා කෙරෙන HDR තාක්ෂණයේදී ඇසිල්ලක් තුළ එකවර ලබාගන්නා ඡයාරූප කිහිපයක් එක් කෙරෙන අතර අභිරහස් ආකාශ වස්තුව සටහන් වී ඇත්තේ එවැනි සේයා රූ පහකින් දෙකක් මත පමණි.
තත්පරයකින් 1/250ක ෂටර වේගයකින් ගනු ලැබූ විට පවා රූපය බොඳවී යාමට නම් වස්තුව සිතාගත නොහැකි තරම් අධික වේගයකින් ගමන් කර ඇති බව ෆෙඩරර්ගේ අදහසයි.

තමන්ට කිසිදු ශබ්දයක් නොඇසුණු බව සහතික කරන ඇය ගත් ඡයාරූප සංස්කරණය නොකළ ඒවා බව සනාථ කරන FBI ආයතනයේ හිටපු විශේෂ ඒජන්ත බෙන් හැන්සන් විසින් තවත් ඡයාරූපයක සටහන්ව තිබූ පීරිසියක හැඩැති තවත් වස්තුවක් සොයාගෙන තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos