-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රංඟනය යනු උත්තරීතර වෘත්තියකි.තමන්ට ලැබෙන භුමිකාව කුමක් වුවත් එය හරියාකාරය ඉටු කරන්න තම පෞද්ගලික ප්‍රතිරූපය පවා කැප කරන්න ඇතැම් රංඟන ශිල්පීන් නොපසුබට වන්නේ එහි වු උත්තරීතරත්වය නිසාවෙනි.මෙයින් ඔවුන්ට සිදුවන්නේ ඉතා සුළු පටු හානියක් නම් නොවේ.විශේෂයෙන් රංඟන ශීල්පීණියන්ට…අද සමාජයේ මේ කාරණව ගැන මිනිසුන් තුළ වු පටු ආකල්පත්,අද ක්ෂේත්‍රයට එන ඇතැමුන්ගේ ක්‍රියා කලාපයත් නිසා මේ වන විට ක්ෂේත්‍රය තුළ රංඟ භුමිකාව ඉතා පහළ තලයකට වැටී තිබේ.මා මේ කියන්නාවු කාරණාවේ උච්චතම අවස්ථාවක් පසුගිය දා කලා ලෝකයේ බොහෝ දෙනාගේ සිත් පසුතැවිල්ලකට ලක් කළා.
පසුගිය දවසක ලංකාවේ ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතනයක,ප්‍රමුඛ පෙලේ වැඩසටහනක දී මේ රටේ එක්තරා දේශපාලනඥයෙකු මේ රටේ නිළියන් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කළා.ඒ ප්‍රකාශයෙන් කියවුනේ ලංකාවේ සුපිරි නිළියන් අද ගණිකා වෘත්තියේ නියැළෙන බවයි.මේ ප්‍රකාශය නිසා කලා ලොව කැළඹූණා.මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රවීණ නිළියන් කිහිප පෙලක් අදහස් දක්වා තිබුණේ මෙන්න මෙහෙමයි.

ප්‍රසිද්ධියේ කතා කරන්න එන්නැයි මා ඔහුටඅභියෝගකරනවා
ගීතා කුමාරසිංහ
ඔහු එවැනි ප්‍රකාශයක් කළා නම් සියලුම නළු නිළියන් එක්ව එම ප්‍රකාශය හෙළා දැකිය යුතුයි.
මෙහෙම දේකුත් තියෙනවා. ඔය සමහර ටෙලිනාට්‍යවලට පාරේ ඉන්න ගැහැනු පවා අරන් අද නිළියන් කරවලා. ඒ අයත් රංගන ශිල්පිනියන් කියා ගණන් ගත යුතුද?
මේ ක්‍ෂේත්‍රයේ සම්මානනීය අයුරින් ඉහළින් පිළිගැනීමට ලක්වෙමින් ලොකු දුරක් ආපු අපට මේ කතා මහා මදිකමක්. මුළු ලෝකයේම රංගන ක්‍ෂේත්‍රයට ඉහළම පිළිගැනීමක් තියෙනවා. මෙවැනි පහත් ප්‍රකාශ එතුමා මොන අන්දමේ සිතිවිල්ලක් ඇතිව කළා ද මා දන්නේ නැහැ.
මෙය බරපතළ චෝදනාවක්. අනික, ජනප්‍රිය නිළියන්ට එවැනි පහත් තැනට අද නොවේ එදත් වැටෙන්න උවමනාවක් නැහැ. හේතුව, එදා වගේම අදත් අතිශය ඉහළ ගෙවීම් ලංකාවේ ජනප්‍රිය නිළියන්ට කරනවා. ලක්ෂ ගණනින්. ඒ ආදායම් පුදුම උපදවනවා. එවැනි අප එතුමා කියන තත්ත්වයට ආ යුතුද?
කුණු වෙබ් සයිඩ් පවා නමක් දිනූ නිළියන්ගෙ ප්‍රතිරූප විනාශ කරන තත්ත්වයක් තියෙනවා. මේ විදිහට කතාකරන ජවිපෙ අය සාධාරණ මනුස්සයො ද කියා හිතෙනවා. මම එතුමාට අභියෝග කරනවා. ප්‍රසිද්ධ මාධ්‍යයක් හරහා මා සමඟ කතා කරන්න එන්න කියලා. හැබැයි ඔය කියන බරපතළ ප්‍රකාශය වගේම කරුණු කාරණා එක්කම මාත් එක්ක ප්‍රසිද්ධියේ කතාකරන්න එන්න කියල මම එතුමාට අභියෝග කරනවා.
මඩ ගහන්න එපාඒක මහා පවක්
ශ්‍රියානි අමරසේන
කලා ක්‍ෂේත්‍රයට මඩගහන්න එපා. ඒක මහා පවක්. ක්‍ෂේත්‍රයට නින්දා වන දේ කිරීම සුදුසු නැහැ.
ඇයි මේ කලා ක්‍ෂේත්‍රයේ ඉන්න අය ගැන විතරක් දොස් දකින්නේ. පුද්ගලයන් ගැන කතා කරන්න මා කැමැති නැහැ.
කලා ක්‍ෂේත්‍රය පූජනීයයි. සෑම ක්‍ෂේත්‍රයක වගේ ම කලා ක්‍ෂේත්‍රයේ රැඳී ඉන්න අය තුළත් හොඳ – නරක දෙකම තියෙනවා. අනෙක් ක්‍ෂේත්‍රවලට වඩා කලා ක්‍ෂේත්‍රය මහජන ප්‍රසාදය දිනූ තැනක් නිසාම ඒ ගැන යම් චෝදනා කරද්දි බුද්ධිමත් ජනතාව ද ;මවැනි ප්‍රකාශ කරන්නන් ගැන විමසිලිමත් වෙනවා.
අනෙක, තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන කටයුතු කරන්නට අපේ අයත් දැනගන්න ඕනෑ. මෙවැනි ප්‍රකාශ මා කිසිසේත් අනුමත නොකරන්නේ පුද්ගලයන් ගැන සිතා නොව කලා ක්‍ෂේත්‍රයේ පවත්නා පූජනීය බව නිසා.
කොයි ක්‍ෂේත්‍රයේත් කළු සුදු දෙකම තියෙනවා. හොඳ නරක දෙකම තියෙනවා. කොහොම නමුත් අපේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්නා අය වෙනුවෙන් එවැනි ප්‍රකාශ කිරීම සුදුසු නැහැ කියා මා නම් විශ්වාස කරන්නේ.
මීට වැඩි වගකීමකින්කතා කළ යුතුයි
සබීතා පෙරේරා
මෙවැනි උදවිය මෙහෙම බාල කතා කියන්නෙ මොන පදනමක සිට ද කියා කියන්න මා නම් දන්නේ නැහැ. කලා ක්‍ෂේත්‍රයේ අය ජනප්‍රියයි. ජනප්‍රිය බව නිසාම කතා හැදෙන එකත් ජනප්‍රියයි. ඔවැනි අතිශය බරපතළ ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ කියන්නට තරම් එහි ඇත්ත මා දන්නේ නැහැ.
හැමෝම අතින් වැරදි සිද්ධ වෙනවා. වැරදි නැති අය මේ මහපොළොව මත නැහැනේ. නිළියන් කියන පිරිසට පමණක් ඇඟිල්ල දිගුකිරීම වැරදියි.
තවත් අයට වැරදි කියනවා නම් ඒ පිළිබඳ කරුණු කාරණා ද පෙන්විය යුතුයි. කිව යුතුයි. නිකරුණේ මඩ ප්‍රකාශවලින් බලාපොරොත්තු වන්නේ කුමක් ද කියා හිතාගන්න බැහැ. කොහොම නමුත් මහජනයා අතර ගැවසෙන ඔවුන් වැනි අය මීට වඩා වගකීමකින් ප්‍රකාශ නිකුත් කළ යුතුයි. මෙවැනි පහත් ප්‍රකාශයක් කිරීම ගැන මා කනගාටුවෙනවා වගේම එය මා තරයේ හෙළා දකිනවා.
නම් ගම් ඇතිවචෝදනා කරන්න
නීටා ප්‍රනාන්දු
දේශපාලනඥයා කියන්නෙ මහජන ප්‍රසාදය දිනාගත යුතු පිරිසක්. කලාකරුවා කියන්නෙ මහජනයා සතුටු කරවන පිරිසක් හැටියට දේශපාලකයාට වඩා ඉදිරියෙන් ඉන්න පිරිසක්. මහජනතාවගෙ ප්‍රසාදය විශේෂයෙන් ලැබිය යුත්තෝ ඔය මහජන නියෝජිතයෝ කියන දේශපාලකයන්මයි.
කලාවට ආදරය කරන අපේ රටේ මිනිසුන් ඉදිරියේ දී ප්‍රසිද්ධ නාළිකාවකින් ඔවැනි අතිශය පහත් කතාවක් නිළියන්ට එල්ල කිරීමේ දී මේ මඩගහන පුද්ගලයා කවුද කියා මේ වැනි බාල ප්‍රකාශ කරද්දි ජනතාව අප ගැන නොව ඔහු ගැන තක්සේරු කරන බව ඔහු නොදන්නවා ඇති.
කාට හෝ චෝදනා නඟනවා නම් කරුණාකරලා නම් ගම් ඇතිව ප්‍රසිද්ධියේ වුණත් චෝදනා කරන්න.
සහෝදර ශිල්පිනියන්වෙනුවෙන්මේ ප්‍රකාශයහෙළා දකිනවා
කාංචනා මෙන්ඩිස්
ඇත්තටම මෙවැනි කතා ප්‍රසිද්ධ නාළිකාවලදි යමෙකු කතාකරයි නම් එය ඉතාම කනගාටුදායකයි. හැබැයි අපේ ක්‍ෂේත්‍රය අනිකුත් ක්‍ෂේත්‍රවලට වඩා වැඩි වශයෙන් කතාබහට ලක්වන ක්‍ෂේත්‍රයක්, අපි යන එන තැන්, කතාබහ කරන දේවල් හොයන බලන ගතිය වැඩියි.
ඒක එහෙම වුවත් ප්‍රසිද්ධියේ කරන මෙවැනි ප්‍රකාශ අතිශයින් බරපතළයි. ඔය කියන විදිහේ වැරදි නොකරන අයටත් මෙවැනි ප්‍රකාශවලින් නරකක් අත්වෙනවා. ඒ වගේම එවැනි ප්‍රකාශ කිරීමට ඉඩහසර දුන් නාළිකාවලටත් හොඳ නැහැ.
යමෙක් යමක් ප්‍රකාශ කරනවා නම් එය වගකීමක් ඇතිව ප්‍රකාශ කළ යුතු වෙනවා. මොකද කෙනකුගෙ ආත්ම ගරුත්වය කෙළෙසනවාය කියන්නෙ ඒ පුද්ගලයා මරා දැමුවාටත් වඩා බරපතළ දෙයක්. මේ ප්‍රකාශය ගැන ඉතාම කනගාටුදායකයි.
අපි හෝටලේක ෂූටිංවලට ගිහින් හිටියත් පසුදාක කවුරුහරි අපෙන් අහන්නේ අසවල් හෝටලේ හිටිය නේද? කියලා. පෞද්ගලිකව මටත් සිද්ධ වූ එවැනි සිදුවීම් තියෙනවා. අපේ ජනප්‍රියභාවය නිසාම හැදෙන කතන්දරත් වැඩියි.
අපේ නම් ඈඳා කැරෙන සූක්ෂ්ම පහත් වැඩ තියෙනවා. මා ඒ ගැන පොලිසියට පවා දෙතුන් වරක්ම දැනුම් දී තිබෙනවා. මෙම බරපතළ නින්දා සහගත ප්‍රකාශය ගැන මේ කලා ක්‍ෂේත්‍රයේ ඉන්න කෙනෙක් හැටියට මගේ සහෝදර ශිල්පිනියන් වෙනුවෙන් ඒ ප්‍රකාශය හෙළා දකිනවා.
ඒ ප්‍රකාශයනින්දා සහගතයි
චාන්දනී සෙනෙවිරත්න
මේ නින්දාසහගත ප්‍රකාශය කරපු එක්කෙනා ගැන මා පැහැදිලිව දන්නේ නැහැ. එවැනි පහත් ප්‍රකාශයක් ඔහු කළා නම් එය ඉතාම ලොකු වැරැද්දක්. බාල පහත් ක්‍රියාවක්. එයයි මට කියන්න තියෙන්නේ.


අමල් යශෝමන් ජයසිංහ – රසඳුන

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week