-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පියාඹන වේටර්ලා ලන්ඩන් එති...

ඇනවුම් කරන දෙයට නොව රැදී සිටිනා කාලයට මුදල් අය කරනා තේපැන් ශාලාවක් ජර්මනියේ විස්බාඩන් නගරයේ ඇත.

තේපැන්හලට ගොඩවන අයෙකුට කෝපි,බිස්කට් ආදී තමන්ට කැමති ඕනෑම දෙයක් ලබා ගත හැකිය. ඒවාට මුදල් අය නොකෙරේ. නමුත් ලබාගත් ආහාර භුක්ති විදීමට පුටුවක වාඩි වන වේලාවේ සිට පිටව යන වේලාව දක්වා වන කාලයට මුදල් අය කැරේ.

අවශ්‍ය නම් පිටතින් ආහාර රැගෙන ඒමටද අවස්ථාව පාරිභෝගිකයන්ට ලබා දී ඇත.ආහාර ගැනීමෙන් නොනැවතී ස්ක්‍රැබල් වැනි ක්‍රීඩාවන්හි යෙදීමට,අන්තර්ජාලයේ සැරීමට හැකිය.පිටව යන විට රැදී සිටි වේලාව අනුව මුදල් ගෙවිය යුතුය.

අලූතෙන් ආරම්භ කළ තම තේපැන්හලට පාරිභෝගිකයන ‘‘අද්දවා‘‘ ගැනීමේ අරමුණින් මේ ක්‍රමය හදුන්වාදීමට තමන් කටයුතු කළ බව හිමිකාරිනී ඩාරියා කියයි.මුලදී කිසිවෙකුටත් මෙය නොතේරුණු බවත් දැන් දැන් තේපැන්හලට වැඩි වැඩියෙන් පුද්ගලයින් පැමිණෙන බවත් ඇය පවසයි.


පියාඹන වේටර්ලා ලන්ඩන් එති...

පියාඹන වේටර්වරුන් සිටිනා අවන්හලක් ගැන වාර්තා වනුයේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයෙනි. මේ පියාඹන වේටර්වරුන් සත්‍ය වශයෙන්ම කුඩා පරිමාණයේ ඩ්‍රෝන යානාය.පාලනය වනුයේ අයි පෑඩ් උපකරණයකිනි.

පාරිභෝගියන් කරා ආහාර රැගෙන යාම,ඔවුන්ගේ ආහාර ඇනැවුම් රැගෙන ඒම ආදී සියලූ කටයුතු

මේ ඩ්‍රෝන යානා ආධාරයෙන්ම මේ අවන්හලේ සිදුකෙරේ.මිනිස් ශ්‍රමය යොදවා ඇත්තේ ඩ්‍රෝන යානා පාලනය කිරීමටය.පැයට සැතපුම් 25 ක උපරිම වේගයකින් පියාසර කරවිය හැකි මේ යානා නිසා තවදුරටත් තමන්ගේ ආහාර ඇනවුම රැගෙන මිනිස් වේටර්වරයෙක ‘ගාටමින්‘ එන තුරු කල් මැරීමට පාරිභෝගිකයන්ට සිදු නොවේ.

අවන්හලේ කළමණාකාරීත්වය පවසන්නේ අවන්හලේ වැඩකටයුතු වඩා කාර්යක්ෂමව කිරීමට මෙවන් ක්‍රමයක් හදුන්වාදීමට තීරණය කළ බවයි.දැනට සිය පාරිභෝගිකයින්ගෙන් මෙන්ම සේවකයන්ගෙන්ද මීට හොද ප්‍රතිචාර ලැඛෙන බවද අවන්හල් කළමණාකාරීත්වය කියා සිටී. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos