-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පවුල් සැලසුම් ක්‍රියාවට නැංවීමට උපත් පාලන පෙති භාවිතා කිරීම ලොව පුරා ජනප්‍රිය ය. එහෙත්, එකී ඖෂධ භාවිතය හේතුවෙන් ඩිම්බ කෝෂයේ පිළිකා හටගැනීමේ අවදානමක් ඇති බව ද ඒ හා සමානවම ප්‍රචලිත මතයකි.

උපත් පාලන පෙත්ත හේතුවෙන් කෙටි කාලීන නොවූවත් ජීවිතයේ අවසාන අදියරේදී පිළිකා වැලඳෙන බව තරයේ අදහන ලක්ෂ සංඛ්‍යාත පිරිසකට යළි සිතා බැලීමට බලකෙරෙන සොයාගැනීමක් ඉකුත් සතියේ අනාවරණය කෙරිණි.
උපත් පාලන පෙති භාවිතයට ගන්නා නියැදියක් ඉලක්ක කර ගනිමින් සිදුකරන ලද විද්‍යාත්මක පර්යේෂණ ඇතුළු මත විමසුම් 14 ක් හරහා නිගමනය කර ඇත්තේ 27% ක පමණ පිරිසකට පමණක් එමගින් ඉතා සුළු අවදානමක් පවතින බවයි.
“උපත් පාලන පෙති ගැනීමත් ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකා හටගැනීමත් අතර සෘජු සම්බන්ධයක් ඇති බව පොදු පිළිගැනීමක් වෙලා. මම හිතන්නෙ අපි එයට සමාජ විද්‍යාත්මක බරක් එකතු කළා..” වෛද්‍ය ලුරා හවිලෙස්කි පවසයි.
ඇය උතුරු කැරොලිනාවේ ඩර්හැම් ප්‍රදේශයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඩ්යුක් විශ්වවිද්‍යාල කොලීජියේ වෛද්‍යවරියක මෙන්ම අදාළ පර්යේෂණයේ නායකත්වය ගෙන ක්‍රියා කරනු ලැබු තැනැත්තියයි.
අමෙරිකානු පිළිකා සංගමය පෙන්වා දෙන පරිදි කාන්තාවන් 72 දෙනකුට එක් අයකු ස්වකීය ජීවිත කාලයේ කුමන හෝ මොහොතක ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකාවකට ගොදුරුවේ. මේ තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වන බව හා එයින් බහුතරය රෝගීකාරකත්වය නිසාම ඩිම්බ පිළිකා හේතුවෙන් මිය යන බව කියැවෙයි.
නවතම සමීක්ෂණයෙන් තත්ත්වය තවත් බරපතළ කරනු ඇත්ද යන්න ඇතැමුන් සැක පළ කරනු ලබයි . සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ආහාර ගැනීම හා ආහාර පාලනය මෙන්ම ශරීරයේ බර සාමාන්‍ය ලෙස පවත්වාගෙනයාම එයින් මිදීමට එක් මාර්ගයකි.
ඒ අතර ඇතැම් අධ්‍යයන මගින් පෙන්වාදී ඇති පරිදි උපත් පාලන පෙති වල අඩංගු ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ට්‍රරෝන් හෝමෝන වුවත් කාන්තාවකට ජීවිතයේ දිගු කාලයකට පසුව හෝ ඩිම්බ කෝෂ පිළිකා සඳහා සුළු අවදානමක් ඇති කළ හැකි බව අමෙරිකානු පිළිකා සංගමයේ අදහසයි.එහෙත්, අධ්‍යයන 14 ක් මගින් කරනු ලැබූ හව්ලෙස්කිගේ නවතම පර්යේෂණ වාර්තාවෙන් මේ තත්ත්වය සමනය කරනු වස් කිසිවක් යෝජනා නොකරයි.
දරුඵල අත්හිටුවීම වෙනුවෙන් ඖෂධ ලබාගන්නා එක් එක් වයස් සීමාවන්ගේ දහස් ගණනින් වූ කාන්තාවන් මෙන්ම අනිසි බිය නිසා එසේ ලබා නොගන්නා තවත් දහස් ගණනින් වූ කාන්තාවන් සන්සන්දනය කිරීමෙන් ඇය ස්වකීය පර්යේෂණ වාර්තාව ප්‍රකාශයට පත්කර තිබේ.
වසර 10 ක් හෝ පහළොවක් තිස්සේ උපත් පාලන පෙති භාවිත කරන ස්ත්‍රීන් හා ඒ හා සමානවම කාලයක් එසේ ලබා නොගත් ස්ත්‍රීන් ද මේ සමීක්ෂණයට දායක කරගෙන ඇත. නිදසුනක් ලෙස වසර 5 ක් තිස්සේ මේ ඖෂධ ලබා ගත් ස්ත්‍රීන් 185 දෙනකුගෙන් ඩිම්බ කෝෂ පිළිකාවකට ගොදුරු වී ඇත්තේ එක් අයකු පමණි.
කෙසේ වෙතත් මේ පර්යේෂණයෙන් අනියම් ලෙස කාන්තාවන්ට උපත් පාලන පෙති ගැනීම සඳහා බලකරන බව හා වෛද්‍ය උපදෙස් නොතකා ක්‍රියාකිරීමට උල්පන්දම් දෙන බවත්, එය ස්ත්‍රීන්ට පිළිකා වැලඳීමේ අවදානම ඉහළදැමීමක් බවටත් කරුණු දක්වන අය හිඟ නොවෙති.
කැනඩාවේ මොන්ට්‍රියල්හි මැක්ගිල් විශ්වවිද්‍යාලයේ පිළිකා වසංගත අධ්‍යයන අංශයේ ප්‍රධානී එදුර්දෝ ෆ්‍රැන්කෝ පවසන්නේ උපත් පාලන පෙති ලබා ගන්නා ස්ත්‍රීන්ට ගර්භාෂ පිළිකා වැලඳීමේ දැඩි අවදානමක් පවතින බවයි.
“ මෙය කාන්තාවන් හා ඖෂධ නිෂ්පාදකයන් අතර අවංක සංවාදයකට බාධා පමුණුවනවා” නවතම පර්යේෂණ වාර්තාව ගැන ෆ්‍රැන්කෝ දරන්නෙ එවැනි අදහසකි.
උපත් පාලන පෙති භාවිතය හා ඩිම්බ කෝෂ පිළිකා වැලඳීම අතර දැඩි සම්බන්ධයක් නොමැති බවට කරනු ලබන කරුණු දැක්වීම පිළිබඳ නව පර්යේෂණය මගින් තමා කිසිසේත්ම පුදුමයට පත් නොවන බව ඔහු පවසයි.
උපත් පාලන ඖෂධ නිෂ්පාදකයන් හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂකයන් අතර පවත්නා සම්බන්ධය නිසි විද්‍යාත්මක පර්යේෂණ සඳහා බාධා පමුණුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

සමකය

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week