-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ලොව විශාලම නෞකාව

ලෝකයේ පළමු භාණ්ඩ ප්‍රවාහන නෞකාව වුයේ SS Ideal X නම් නෞකාය .එය 1956 අප්‍රේල් 26 වැනිදා දියත් කරන ලදී .එහි බහලුම් ධාරිතාව 58 කි .කාලයත් සමග වරින් වර විශාල ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහන නෞකා නිපද වන ලදී .එදා මේදා ලොව නිපදවූ විශාලම නෞකාව ලෙස ඉතිහාස ගතවී තිබෙන්නේ CMA CGM Marco Polo නම් නෞකාවයි . එය දියත් කරන ලද්දේ 2012 වසරේදී නමුත් මෙවර Maersk ආයතනය විසින් නිපදවනලද Maersk Triple E නම් නෞකාව ලොව නිපදවනලද විශාලතම නෞකාව බවට පත්වේ ඇත .එය දිගින් මිටර් 400 ක් ද පළලින් මිටර් 59 ක් ද උසින් මිටර්73 ක් ද වේ .මෙම නෞකාව ද භාණ්ඩ ප්‍රවාහන නෞකා ගණයට අයත් වේ .

මෙහි බහලුම් ධාරිතාව TEU (Twenty-foot equivalent unit) 18 000 කි .
ආසියාව හා යුරෝපය අතර වෙළද කටයුතු සදහා මෙය දියත් කෙරෙන අතර සාපේක්ෂව ඉන්ධන කාර්යක්ෂමතාව ඉතා ඉහලය .මෙහි එන්ජින් ජවය 10% ක ඉතිරියක් සහිත වීම විශේෂත්වයකි .එය යුරෝපීය නිවාස 5000 ක සාමාන්‍ය පරිභෝජනයේ සාමාන්‍ය හා සමාන වේ .නෞකාවට ටොන් එකක බරක් දරමින් කිලෝවොට් එකක ශක්තියක් වැය කරමින් කි.මී 184 ක් ගමන් කල හැකි අතර ජම්බෝ ජෙට් යානයකට මේ හා සමාන ශක්තියක් වැය කරමින් ගමන් කල හැක්කේ කි .මී භාගයක් පමණි .තවද මෙම නෞකාවට මෝටර් රථ 36 000 ක් පැටවියහැකි අතර නෞකාව නිෂ්පාදනය සදහා අයිෆල් කුළුණු 8ක වනේ ප්‍රමාණයක් වය වී ඇත .

Maersk ආයතනය විසින් මෙවැනි නෞකා 20 ක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන අතර ඉන් නෞකා 10 ක වැඩ කටයුතු මෙම වසර හා 2014 වසර තුල නිම කිරීමට නියමිතය .මෙම නෞකා නිපද වීමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත්තේ Daewoo shipbuilding සමාගම විසිනි. Maersk සමාගම වසරේ හොදම පලදායි නෞකා ක්‍රියාකරු යන සම්මානයෙන් පිදුම් ලැබීමට මෙම ව්‍යාපෘතිය ඉවහල්වී ඇත .

පුවත් පතකින් උපුටා ගතලද්දකී...
සැකැස්ම - දේශාන් දේවේන්ද්‍ර.



Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week