-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සවුදි අරාබියාව ඇතුළු මැදපෙරදිග කලාපයේ රටවල රැකියාවලට ගිය ශ්‍රී ලාංකිකයන් පහළොස්‌දෙනකුට පමණ මරණ දඬුවම ලබාදීමට එම රටවල අධිකරණ තීන්දු කර තිබේ.

මෙලෙස මරණ දඬුවම නියම වී ඇති ශ්‍රී ලාංකිකයන් බරපතළ අපරාධවලට සම්බන්ධ වී අධිකරණවලින් මෙලෙස මරණ දඬුවමට යටත් කර ඇති බැවින් විදේශ කටයුතු අමාත්‍යාංශයට හෝ ඒ රටවල තානාපති කාර්යාලවලට සෘජු ලෙස කිසිදු බලපෑමක්‌ කිරීමට නොහැකි යෑයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා සඳහන් කර සිටී.

සවුදි අරාබියාව, එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය, දොaහා කටාර්, ලෙබනනයේ සහ අබුඩාබිවල සිටි ශ්‍රී ලාංකිකයන්ට මෙලෙස මරණ දඬුවම ලැබී ඇතැයි වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය පවසයි.

මෙලෙස මරණ දඬුවමට නියම වූවන් මිනිස්‌ ඝාතනවලට සම්බන්ධ අය බව ද කර ඇති සොයා බැලීම්වලදී හෙළි වී ඇත.

මේ පිළිබඳව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතාගෙන් "දිවයින" කළ විමසීමකදී ඇමැතිවරයා කියා සිටියේ මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනකුට මරණ දඬුවම ලබා දී ඇති තොරතුරු සත්‍යයක්‌ බවයි. මෙම මරණ දඬුවමට ලක්‌ව සිටින අයට මිනීමැරුම් චෝදනා වැනි බරපතළ චෝදනා එල්ල වී අධිකරණය මගින් දඬුවම් නියම වුවන් යෑයි ද ඇමැතිවරයා සඳහන් කර සිටී.

රිසානා නµSක්‌ සහෝදරියට මරණ දඬුවම ක්‍රියාත්මක වූ විට ඊට එරෙහිව යම් බලපෑමක්‌ කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුවද ඒ ඒ රටවල පවතින නීති රීතිවලට අපට බලපෑම් කිරීමට නොහැකි බව ද ඇමැතිවරයා කියා සිටියේය. නමුත් මෙම පිරිස වෙනුවෙන් ගත හැකි ඕනෑම ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට තානාපති කාර්යාල සමඟ කතා කරන බව ද ඇමැතිවරයා තවදුරටත් කියා සිටියේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos