-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


දුරකථන ඔස්සේ හෝ අන්තර්ජාලය හරහා මිතුරු මිතුරියන් වෙත පණිවුඩ යවනා විට ඊට ගැළපෙන සුවඳක් සමග මුසු කොට යැවිය හැකි ක‍්‍රමයක් ජපාන තාක්ෂණික සමාගමක් සොයා ගෙන තිබේ.

එම සමාගම චැට්පර්ෆ් (Chatperf) නම් වේ. සුවඳ විහිදුවාලන මෙම වනතම සන්නිවේදන උපකරණය හැඳින්වෙන්නේ සෙන්ට් (Scentee) ලෙසය. තවමත් ප‍්‍රදර්ශනාත්මක මූලාකෘතියක් ලෙස පවතින මෙම උපාංගය ඇපල් වර්ගයේ ජංගම දුරකථනවල දැනට ක‍්‍රියාත්මක කළ හැකි බවත් එළැඹෙන සැප්තැම්බර් මාසයේදී ඇන්ඩ්‍රොයිඞ්වර්ගයේ ජංගම දුරකථනවල භාවිතය සඳහා ද සෙන්ට් 
සූදානම් කරවන බවත් වාර්තා වේ.

මානසික පීඩාවට හෝ වෙහෙසට පත්ව සිටිනා මිතුරකු වෙත ඔබ සමාජ ජාල වෙබ් අඩවියක් හරහා පණිවුඩයක් යවන්නේ නම් මෙම උපාංගය භාවිත කොට මනස සුවපත් කරනා සුවඳක් ඒ සමග මුසු කොට යැවිය හැකි වනු ඇත.

ජංගම දුරකථන ක‍්‍රීඩාවල නියැළීමේදී වෙඩි තබා ගන්නා ක‍්‍රීඩාවකදී වෙඩි බෙහෙත් සුවඳද රසකැවිලි සම්බන්ධ ක‍්‍රීඩාවකදී රස කැවිලි සුවඳද විඳිමින් ක‍්‍රීඩාවේ යෙදීමට ඔබට මෙමගින් අවස්ථාව සැලසේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos