ව්‍යාජ ලේඛන මගින් ගුරුවරියක ලෙසට වසර 19 ක් රජයේ විද්‍යාල කීපයක සේවය කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා මාතර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන මාතර ප්‍රධාන මහේස්‌ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා වෙත ඉදිරිපත් කරන ලද කාන්තාවක්. මේ මස 5 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කොට ඇත.
නිසි පරිදි පත්වීමක් නොලැබූ සැකකාරිය ව්‍යාජ පත්වීම මත හම්බන්තොට ප්‍රදේශයේ විද්‍යාලයකද එම විදුහලේ සිට මාතර ඌරුමුත්ත විද්‍යාලයකට ස්‌ථාන මාරු ලිපියක් සකස්‌කොට එහි එක් දිනක්‌ද සේවය කොට එහි සේවයට යළි ගොස් නැත.
පසුව ඇය යළි හම්බන්තොට මුලින් සිටි පාසලට ගොස් ඇති බවට ද හෙළි වී ඇත. පසුව නැවත මාතර ප්‍රදේශයේ විද්‍යාලයකට ස්‌ථාන වාර්තා කර ඇති බවද එහි සේවය කරමින් සිට ගුරු විදුහලකට ඇතුළු වී පුහුණුවක් ලබා අකුරැස්‌ස සහ මොරවක කලාපවල සේවය කොට ඇති බවටද හෙළි වී තිබේ.