ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ ඉන්දීය අගමැතිවරයා සමඟ තමිල්නාඩු මහ ඇමතිණිය සම්බන්ධයෙන් පළ වූ චිත්‍රය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට ඇතැයි හමුදා ප්‍රකාශක බි්රගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසයි.
ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට කළ දැනුම් දීමක් මත මෙම පරීක්ෂණය ආරම්භ කොට ඇති බව කොල්ලූපිටිය ජාතික ආරක්ෂක තොරතුරු කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී හමුදා ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.
ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු තීරය ආක්‍රමණය කරමින් සිදු කරන පාරිසරික විනාශයන් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදු කොට ඇති මෙම ලිපියේ ඉන්දීය මධ්‍යම රජයට කිසිදු අපහාසයක් සිදුව නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පළ වී තිබූ ඡයාරුප සම්බන්ධයෙන් මෙම ගැටලූව හට ගෙන ඇති බවත් බ්්රගේඩියර් වනිගසූරිය මහතා සඳහන් කළේය.