-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More



‘රටේ ජනතාව පරිභෝජනයට ගන්නා අහාර වල ගූණාත්මකභාවය පිළිබඳ කිසිදු වගකිවයුත්තකූගේ අවධානය යොමු වෙන්නෙ නැහැ. පාරිභෝගික කටයුතූ පිළිබඳ අධිකාරියෙ වෙබ් අඩවියෙ සඳහන් කරල තියෙන පාරිභෝගික අයිතීන් හිස් ලියවිල්ලක් කරන්න අපි ඉඩ දෙන්නෙ නැහැ. අපි දිගින් දිගටම මේ සම්බන්ධව බළධාරීන්ට දැනුම් දුන්නත් කිසිම කාරණයක් සඳහා සාධනීය පිළිතූරක් මේ වනතෙක් ලබා දීල නැහැ. බොරුවට අපිට ලියුම් එවනව සොයා බලන්නම් කියල. එච්චරයි’
මෙසේ අදහස් පළ කලේ පාරිභෝගික සහ ගොවි අයිතීන් සුරැකීමේ සන්ධානයේ කැඳවුම්කරු අසේල සම්පත් මල්ලවආරච්චි මහතාය.
තවදුරටත් අදහස් දැක්වූ ඔහු..
දැන් බලන්න මේ තියෙන්නෙ කොළඹ විශ්වවිද්‍යාලයෙ දරුවන් කන උදෑසන ආහාර වේලක්. මොනවද මේකෙ තියෙන්නෙ. බණ්ඩක්කා, පරිප්පු සහ පොල්කූඩු සම්බෝලයි විතරයි. එතකොට අනාගතේ රට බාරගන්න ඉන්න බුද්ධිමතූන්ට කන්න දෙන්නෙ පොල්කූඩු සම්බෝලයි බතූයි. හැබැයි කූඩුකාරයන්ට, මංකොල්ලකාරයින්ට, මිනීමරුවන්ට, ඒ කියන්නෙ රට වනසන උන්ට කන්න දෙන්නෙ සුපිරි කෑම වේලක්. ගිහින් බලන්න බන්ධනාගාරෙ කෑම එකක්. විශ්වවිද්‍යාලයෙ කෑම එකක් රු 25යි. උසස් අධ්‍යාපන ඇමතිය ලංකාවෙ විශ්වවිද්‍යාල ජාත්‍යන්තරීකරණය කොරන්න යනව. අපේ ළමයින්ට ගූණාත්මක කෑම වේලක් දීල ඉන්න.
මේ තියෙන්නෙ ග්රෑම් 5 ක රසායනික කූඩු පැකට් එකක්. මේ පැකට් එක පාන් පිටි කිලෝ 50කට එකතූ කරනව. පාන් ගෙඩිය ලොකූ වෙන්නත්, ලස්සන වෙන්නත්, ඒ වගේම ක්‍ෂණිකව තැම්බෙන්නත්. අපි දන්නව පාන් පෝරණුවක පාන් පිච්චෙන්න මොනතරම් වෙලාවක් ගියාද. දැන් ක්‍ෂණික පාන් හදන්නෙ ඉන්දියාවෙ තහනම් කරපු මෙන්න මේ ශරීරයට අහිතකර පැකට් එක දාලා. අපි කන්නෙ මේව. කෝ පාරිභෝගික කටයුතූ පිළිබඳ අධිකාරිය, නිදිද.
අපි ආපනශාලාවල සැබෑ තත්ත්වය රටට හෙළිදරව් කරයින් පස්සෙ පාරිභෝගික අධිකාරිය හදිසියෙම නින්දෙන් ඇහැරිල වගේ ආපනශාලා වටලනව. අපි කිව්වෙ තරහට නෙමෙයි. අපි කිව්වෙ අපානශාලා සඳහා ප්‍රමිතියක් ඇති කරන්න කියල. දැන් බොරුවට ඒව වටලල මොනව හරි අල්ලල දඩ ගහලා මාධ්‍යයට පින්තූර දානව. මේක මොන තරම් මාධ්‍ය සංදර්ශනයක්ද. බලන්න පාරිභෝගික කටයුතූ පිළිබඳ අධිකාරියෙ තියෙන ආපනශාලාවෙ සැබෑ තත්ත්වය අපි පින්තූර සමග මාධ්‍යයට කිව්ව. අපි ඒක කිව්වෙ ඒව හදාගන්න. අධිකාරියෙන් මොකද කලේ. ඒකට සීල් තිබ්බ. කරන්න ඕන ඒ වගේ මෝඩ වැඩක්ද. ඒක හරියට හදා ගන්න එක නෙමෙයිද ? ඉතින් අධිකාරදයෙ වැඩ ඒ වගේම මෝඩ වැඩ කියල දැන් රටම දන්නව. අපි ඒකට මොකද කරන්නෙ.
මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරු ලංකාවටම ඉන්නෙ එක්දහස් අටසීය ගණනයි. අපේ රටේ ජනතාව බහුතරයක් හරක් මස් කන්න අකමැතියි. ඒත් ඔබ දන්නවද හරකෙක් මරන්න අවසාන අනුමැතිය දෙන්නෙ මේ මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරු. හරකගෙ සෞඛ්‍ය තත්ත්වය හොදයි කියල එයාල දෙන සහතිකේ අනුව තමයි හරකා ඝාතනය කරන්නෙ. ආපනශාලා වටලන පීඑච්අයි ලා යනවද කේඅෆ්සී, මැක්ඩොනල්ඩ් වටලන්න. ඔන්න පුළුවනි නම් යන්න..ඇයි ඒවයෙ තියෙන්නෙ අධි පෝෂ්‍යදායි ආහාරද ? නැහැ ..ලෝකයේ රටවල් ගණනාවක මේ ආයතනවල ශරීරයට නුසුදුසු ආහාර තියෙනව කියල සනාථ උනා.
අපි ඉල්ලීම් 10 ක් කඩිනමින් ඉටු කරල දෙන්න කියල සෞඛ්‍ය, අධ්‍යාපන අමාත්‍යාංශවලින් ඉල්ලා සිටියා. කිසිම සද්දයක් නැහැ ඒ ගැන. අපිට සැකයක් තියෙනව මේ ආහාර රටාව වෙනස් කරන්නෙ අපේ රටේම ඉහල තැන්වල ඉන්න අය කියල. බහුජාතික සමාගම් අද ලෝකයම ගිලගනිමින් යනව. මේ වගේ වටපිටාවක් තූළ මුදලට නැටවෙන අමාත්‍යවරුන් නැහැයි කියන්න පුලුවන්ද අපිට ?
මෙම මාධ්‍ය හමුව සඳහා සන්ධානය නියෝජනය කරන නියෝජිතයන්ද සහභාගි වුහ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos