කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් සිදු කරන ලද සමීක්ෂණයක දී අනාවරණය වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනගහනයට වඩා භාවිතා කරන ජංගම දුරකතන සංඛ්‍යාව වැඩි බවයි.
කුරුණෑගල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ තෙවැනි ස්ථානයට වැඩිම ජනගහනය සහිත දිස්ත්‍රික්කය ලෙස සැලකෙන අතර, 2013 වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනගහනය 1,624,000 කි. නමුත් එම සංඛ්‍යාව ඉක්මවා යමින් පුද්ගලයන් ජංගම දුරකතන 1,791,917 ක් භාවිත කරන බව අනාවරණය වී තිබේ. එය ලක්ෂ 18 කට ආසන්න වූ සංඛ්‍යාවකි.
වසර 2005 දී කුරුණෑගල දිස්ත්‍රික්කයේ භාවිත කෙරුණු ජංගම දුරකථන සංඛ්‍යාව 280,566 ක් වූ අතර, එය 2013 වසර වන විට 1,511,351 කින් වැඩි වී තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා පැවසීය.
එසේම 2005 වසරේ දී දිස්ත්‍රික්කය තුළ ස්ථාවර දුරකථන 66,150 ක් භාවිත වී ඇති අතර, එය 2013 වන විට 234,979 දක්වා ඉහළ ගොස් තිබෙන බවද හිටිසේකර මහතා ප්‍රකාශ කළේය.