ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චිගේ නවතම ගීතය මේ වනවිට එළි දක්වා තිබේ.
මෙම ගීතය "දුක වැඩි නෙතේ" ලෙස නම් කර ඇත.
රදීෂ් වැන්දබෝනා එහි සංගීතය නිර්මාණය කර ඇති අතර පද රචනය සජිත් වී චතුරංග විසින් නිර්මාණය කර තිබේ.
එහි වීඩියෝව කසුන් කාවින්ද විසින් නිර්මාණය කර ඇති අතර මෙහි ෂෙරිල් ඩෙකර් නිරූපණයෙන් දායක වේ.
ෂෙරිල්ගේ සහ රුවන්ගේ විවාහයෙන් අනතුරු ව කළ මෙම ගීතයේ රූප රචනයේ දී ෂෙරිල් ඩෙකර්ගේ සහ රුවන් හෙට්ටිඅරච්චිගේ බාහිර පෙනුම වෙනස් වී ඇති බවට රසිකයින් අතර කතා බහට ද ලක් ව තිබේ.