උතුරු ඉන්දීය සුපිරි නළු සල්මාන් ඛාන් ශ්‍රී ලාංකික නිළි ජැක්ලින් ෆර්ජිනැන්ඞ්ස් වෙත නවතම ‘අවුඩි’ මෝටර් රථයක් තෑගි දී තිබේ.
ඔවුන් දෙදෙනා එක්ව රඟ පෑ ‘කික්’ චිත්‍රපටය ආදායම් අතින් ලාභ ලැබීම හේතුවෙන් මෙම ත්‍යාගය ලබා දී ඇතැයිද පැවසේ.
‘කික් ’ චිත්රපයට මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 350කටත් වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ. කෙසේ වෙතත් බොහෝ දෙනෙකු පවසන්නේ සල්මාන් මෙසේ ජැකලින්ට තෑගි ලබා දී ඇත්තේ ‘කික් ’ චිත්‍රපටය ලාභ ලැබීම නිසාම නොවන බවත්,ඔවුන් අතර ඉතා සමීප සම්බන්ධයක් ඇති නිසා බවත්ය.