තරුණ බව රැක ගැනීම සඳහා බම්බලපිටියේ ඇති වෛද්‍ය නිමල් ගමගේ ගේ රූපලාවණ්‍ය මධ්‍යස්ථානයෙන් එන්නතක් ලබා ගත් බව කියන තවත් කාන්තාවක් රෝගාතුර වී ලන්ඩනයේ රෝහලක නේවාසික ප‍්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
සිද්ධිය දුරකථනයෙන් මෙම කාන්තාව ලන්ඩනයේ සිට පොලීසියට දන්වා වෛද්‍යවරයාට එරෙහිව පෙරේදා ෆැක්ස් මගින් ද බම්බලපිටිය පොලීසියට පැමිණිලි කර ඇත.
මීට මාස දෙකකට පමණ ඉහත දී පැහැපත් වීම සඳහා මෙම වෛද්‍යවරයාගෙන් එන්නත් ලබා ගෙන ඇති බවත් එන්නත් ලබා ගැනීමෙන් පසු රෝගී වීම නිසා මෙරට රෝහලකට ඇතුළත් නොවී ඇය ලන්ඩනයට ගොස් එහි රෝහලක නැවතී ප‍්‍රතිකාර ලබා ගෙන ඇති බවත් පොලීසිය කියයි.