ඇමති පාඨලී චම්පික රණවකගේ Facebook ගිණුම තහනම් කිරීම සම්බන්ධයෙන් සොයා බලන බව Facebook එහි පරිපාලනය විසින් පවසා ඇත.
තම Facebook ගිණුම කිසිදු හේතු දැක්වීමකින් තොර අවහිර කිරීම ගැන ඇමතිවරයා විසින් සමාගමෙන් කරන ලද විමසීමකට ප්රතිචාර ලෙස Facebook සමාගම විසින් මේ බව දන්වා එවා ඇතයි ඇමතිවරයා කියයි.
මෙම අවහිර කිරීම ගැන සොයා බලා ඒ පිළිබඳව ඉදිරි දිනෙක දැනුවත් කරන බවද Facebook සමාගම විසින් රණවක මහතාට දැනුම් දී තිබේ.