මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල හරහා අඩු මුදලට දඹදිව වන්දනා චාරිකාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂා මහතා මාර්ගයෙන් රැුගෙන යන බවට පොරොන්දු වී බැතිමතුන්ගේ මුදග් වංචා කර ඇති බවට චෝදනා ලබා ඇති සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා ඇත.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් අදාළ සැකකරු තම සහෝදරිය ඇතුළු තවත් ඥාතීන් තිදෙනෙකුගෙන් රුපියල් එක්ලක්ෂ අසූදහසක මුදලක් වංචා කර ඇති බවට චෝදනා කරමින් පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
දඹදිව වන්දනා ගමනට එක් අයෙකු සදහා රුපියල් 50,000 ක මුදලක් පමණක් වැයවන බවට සැකකාර සරත්චන්ද්‍ර පොළොන්නාවිට නමැත්තා පැවසූ බවත්,ඒ අනුව තම ඥාතීන් සිවුදෙනා රුපියල් 180,000 ක අත්තිකාරම් මුදලක් සැකකරුට කොළඹදී දුන් බවත් ඔහු පවසා සිටියි.
මැයි මස 11 වැනිදා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල හරහා ඉන්දියාවට රැුගෙන යාමට ඔහු පොරොන්දු වූ බවත්,නමුත් එම පොරොන්දුව කඩ කර එම සැකකරු ඔවුන් මග හරිමින් සිටින බවටත් පැමිණිලිකරු චෝදනා කර සිටියි.