ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සාමුහික තීන්දුවලට එකඟ වීමට බැරි නම් ආණ්ඩුවෙන් ඉවත් විය හැකි බව ඇමතිවරුන් දෙදෙනෙකුට පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවසා තිබේ.
ඉන් එක් ඇමතිවරයෙක් රටට එරෙහිව ජාත්‍යන්තරයට කේලාම් කියා ඇතැයි පෙන්වා දී ඇති රාජපක්ෂ මහතා පොදු අපේක්ෂකයා ලෙස තවත් ඇමතිවරයෙකුගේ ඥාතියෙකු ඉදිරිපත් වීමේ සූදානමක් ඇතැයිද සඳහන් කර ඇත.
එබැවින් තමන් විසින් ඉවත් කරන්න පෙර ඕනෑම අයෙකුට කැබිනට් මණ්ඩලයෙන් ඉවත් විය හැකි යයිද එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.