කුමන ආකාරයේ තර්ජන බාධා එල්ල කළත් නැවත වතාවක් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිරීක්ෂණ කටයුතු කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ කඩා පනින මන්ත්‍රී ඒකකය ඒකමතිකව තීන්දු කර තිබේ.
එම ආයතනයේ මහා පරිමාණ දුෂණ, වංචා සහ අක්‍රමිකතා සියල්ල පුළුල් ලෙස රටට, ජනතාවට හෙළි කළ යුතු යැයිද තීන්දු කර ඇති එම මන්ත්‍රී කණ්ඩායම ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවේදීත් තෙල් පිරිපහදුවේ අභ්‍යන්තර තොරතුරුවලිනුත් දැනට සොයා ගත් දුෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳ සියළු තොරතුරු ඇතුළත් පුළුල් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු යැයි ද තීරණය කර ඇත.
එසේම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තෙල් පිරිපහදුවට ඇතුළු වීමට ඉඩ නොදීමේ සිද්ධියට එරෙහිව උපරිම ආකාරයට දේශපාලන සහ නීතිමය වශයෙන් පියවර ගැනීමටද තීරණයකට එළැඹ තිබේ.