-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සිරදඬුවම් නියමවීමෙන් පසු ඔහු අධිකරණයේ සිට බන්ධනාගාරයට රැගෙන යද්දී කැමරා වලින් බේරීමට උත්සාහ කළ බන්ධනා නිළධාරීන් ක්‍රියා කර තිබේ.

තම හිස්‌ වැස්‌ම ගලවා කැමරා ග්‍රහණයෙන් එම සිරකරු බේරා ගැනීමට එදින අධිකරණයට පැමිණි බන්ධනාගාර නිළධාරීන් පස් දෙනාම ක්‍රියාකර තිබීම ගැන බන්ධනාගාර මූලස්‌ථානය ඊයේ පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.


තංගල්ල සභාපතිවරයා පිළිබඳව ලැබෙන අලුත්ම තොරතුර නම් ලැබුණු තීන්දුවට එරෙහිව ලබන සතිය තුළ අභියාචනයක් ඉදිරිපත්කිරීමට ඔහු සූදානම් වන බවයි.

විශේෂ සිර දඬුවම් විඳින පුද්ගලයන් රඳවා සිරින A3 සිරමැදිරියේ මේ වන විට ඔහුව සිටින නමුත් අභියාචනයක් ඉදිරිපත් කිරීමේන් පසු අභියාචනා ඉදිරිපත් කළ සිරකරුවන් රඳවා සාමාන්‍ය සිරමැදිරියක් වන වැලිකඩ L හා H සිරමැදිරියක සිටීමට ඔහුට අවස්ථාව හිමිවේ.

විසි වසරක දඬුවම් නියමවූවෙකු යහපත් ලෙස බන්ධනාගාරය තුල සිටින්නේ නම් වසර 12යි මාස 9කින් නිදහස හිමි වන බව බන්ධනාගාර නිළධාරීන් පවසයි.

මේ අතර සභාපතිවරයාට සහය පලකරමින් ෆේස්බුක් පිටුවක් ආරම්භ තිබේ.

"සම්පත් අපි ඔබ සමගයි" නම් වූ එම පිටුව හරහා ඔහු වරදකරුවෙක් නොවන බවට මතයක් ගොඩනැඟීමට පිරිසක් උත්සාහ කරමින් සිටී.

"සම්පත් අපේ එකා අපි ඌට ආදරෙයි ඔව් අපි ඌට කඩේ යනවා
අපි කඩේ යන්නෙ උගෙ තිබුන මනුස්සකමේ සුවඳ වෙනුවෙන්" යනුවෙන් එහි සඳහන්වේ.

තංගල්ල සභාපතිවරයාට කුරාම් ෂෙයික් මැරීමට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද, වික්ටෝරියා සමූහ දූෂණය කිරීමට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද නියම වූ නමුත් පසුගිය මාසයේ සාක්ෂි දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුණේ පොලිස් පරීක්ෂණ වලදී ස්ත්‍රී දූෂණයක් වූ බව අනාවරනය නොවූ බවයි.
 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos