-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මැලේසියානු ගුවන්සේවයට අයත් MH17 යානය මිසයිල ප‍්‍රහාරයකින් කඩා වැටීමේ සිදුවීම සම්බන්ධයෙන් රුසියානු නියෝජ්‍ය ආරක්ෂක ඇමති ඇනටෝලි ඇන්ටනොව් විසින් යුක්රේනය වෙත ප‍්‍රශ්න 10ක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
යානය කඩා වැටීමෙන් පැය 24ක් ඉකුත් වීමටත් පෙරම එහි වගකීම රුසියාව වෙත පැවරීමට බටහිර රාජ්‍යයන් සහ එහි මාධ්‍ය කලබල වීම ඉතා පුදුමාකාර බවද ඔහු දක්වා තිබේ.
එය රුසියානු ෆෙඩරේෂණයට එරෙහි යුද්ධයේ පියවරක් විය හැකි බවද ඇන්ටනොව්ගේ අදහසයි.
සිදුවීමේ වගකීම අන්‍ය පාර්ශව වලට පැවරීම වෙනුවට ඉදිරියේදී මෙවැනි සිදුවීමක් වළක්වාගැනීමට හැකි දේ කිරීම වැදගත් වන බව පවසා ඇති රුසියානු නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ඊට ප‍්‍රවේශයක් වශයෙන් ප‍්‍රශ්න 10කට පිලිතුරු දෙන ලෙස යුක්රේන බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.
ඔහු පළමුවෙන් විමසා ඇත්තේ යානය බිම හෙළුෑ බවට යුක්රේනය විසින් ස්ව-ආරක්ෂක සේනා වෙත චෝදනා කරනු ලැබුවේ කුමන පදනමකින්ද යන්නයි.
දෙපාර්ශවය අතර ගැටුම් පවතින කලාපයේ ඊමන මිසයිල භාවිතා කළ ආකාරය මෙන්ම ස්ව-ආරක්ෂක සේනං වෙත ගුවන් යානා නොමැති තත්වයකදී ඒවා ස්ථානගත කරනු ලැබුවේ ඇයිදැයි ඇන්ටනොව් විමසා තිබේ.
ජාත්‍යන්තර කොමිසමක් පත් නොකිරීම මෙන්ම ජාත්‍යන්තර නිරීක්ෂකයන් වෙත තම අවි සංචිතය නිරීක්ෂණය කිරීමට ඉඩ නොදීම පිළිබඳවද ප‍්‍රශ්න කර ඇති ඔහු මැලේසියානු යානයේ ගමන් මග වෙනස් කරමින් ගැටුම් පවතින කලාපය වෙත පියාසර කිරීමට යුක්රේන ගුවන් සංඥා කරුවන් කටයුතු කිරීමට හේතු දක්වන ලෙසද ඉල්ලීමක් කර තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos