අභියාචනාධිකරණයේ විභාග වන නඩුවක තීන්දුව තමනට අවශ්‍ය පරිදි වෙනස් කිරීම සඳහා නියෝජ්‍ය ඇමති නීතීඥවරයෙකු විසින් ජනාධිපතිවරයාගේ නම භාවිතා කර අධිකරණයට බලපෑම් කර ඇතැයි වාර්තා වෙයි.
කෙසේ වෙතත් මෙම නඩුව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් තිදෙනෙකුට මෙම උත්සාහය වාර්තා වී ඔවුන් විසින් ඒ ගැන ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසුව අධිකරණයට බලපෑම් කිරීම මෙන්ම ඒ සඳහා තම නම භාවිතා කිරීම සම්බන්ධයෙන්ද අදාල නියෝජ්‍ය අමාත්‍ය නීතීඥවරයාට දැඩි ලෙස දොස් පවරා තිබේ. වහාම අදාල වැරැද්ද නිවැරදි කරන ලෙසද ජනාධිපති රාජපක්ෂ මහතා විසින් නියෝජ්‍ය ඇමති නීතීඥයාට පවසා ඇත.
මෙම නියෝජ්‍ය ඇමති නීතීඥවරයා බලපෑම් කිරීමට උත්සාහ කර ඇත්තේ ඇත්තේ අයවැය පැරදුනු ප්‍රාදේශීය සභාවක සභාපති ධුරයක් සම්බන්ධයෙන් අභියචනාධිකරණය විසින් හෙට (25) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත තීන්දුවකි.