අප රටේ අන - වින හදි හූනියම් පිළිබඳ නගරබද ප්‍රදේශවලට වඩා වැඩිපුර වාර්තා වන්නේ ගම්බද පළාත්වලිනි. එමෙන්ම බටහිර කිතුනු සංස්කෘතිය පිළිගත් ජනතාවක් වෙසෙන ප්‍රදේශවලට වඩා පෙරදිග දේශීය සංස්කෘතියට අනුව හැඩගැසුණු බෞද්ධ ඌරුවේ ජනතාවක් වෙසෙන පළාත්වලිනි.
මෙවන් පසුබිමක් යටතේ බහුතර කිතුනු ජනතාවක් වෙසෙන නාගරික කලාපයක් වන ජාඇල ප්‍රදේශයේ සුසාන භූමි කිහිපයක් මුල්කොට මේ දිනවල පැතිර යන නව තාලේ හූනියම් සංස්කෘතියක් පිළිබඳව ඔබ හමුවේ අනාවරණය කිරීමට පසුගිය සතියේ අපට හැකි විය. රාත්‍රී කාලයෙහි මෙන්ම දිවා කාලයන්හි ද එම සොහොන් පිටිවලට පැමිණෙන නාඳුනන පුද්ගලයන් විසින් කරනු ලබන මිනී වළවල් මත පුද්ගල නම් සහිත බිත්තර සහ කටු ගැසූ දෙහි සහ සුවඳ කැවූ තුණ්ඩු කැබලි වැළලීම් සහ සිමෙන්තියෙන් බඳින ලද මිනී වළවල් මත පොල් ගැසීම එම ක්‍රියා අතුරින් වඩාත් සුලබව සිදුවන බව අසන්නට ලැබිණි. එමෙන්ම, ඉහත සඳහන් සියලුම ක්‍රියාවන් සේම අප මින් පෙර කිසිම දිනයෙක අසා නොතිබුණු ඊටත් වඩා ‘විලම්බිත ක්‍රියාවක්’ වාර්තා වූයේ ජාඇල කණුවන රෝමානු කතෝලික සුසාන භූමියෙනි. එනම්, ඇතැම් සන්ධ්‍යා සමයන්හි ජෝඩු වශයෙන් එහි පැමිණෙන තරුණ තරුණියන් මිනී වළවල් මත නැගී කිසියම් ආකාරයක විකාරරූපී රංගනයක යෙදීමය.
එහෙත්, එය විනෝදාස්වාදය අරමුණු කරගත් රංගනයක් යැයි තමන් කෙසේවත් නොසිතන බව එහි සේවක ආනා ක්‍රිෂ්ණභානු කියයි. හුදෙක් ජාඇල කණුවන රෝමානු කතෝලික සුසාන භූමියට පමණක් සීමා නොවූ මෙම ක්‍රියා බොහොමයක් ජාඇල නගර සභාව මගින් පාලනය වන පොදු සොහොන් බිමක් වන ජාඇල කපුවත්තේ ප්‍රසිද්ධ සුසාන භූමියේ ද සිදුවන බව එහි පාලක පියදාස පෙරේරා මහතා තහවුරු කරයි. ඉහත සඳහන් ක්‍රියා අතුරින් එහි සිදුනොවනුයේ එම ගුප්ත රංගනය නමැති ‘නරලොව හොල්මන්’ නාටකය පමණි.
ඒ කෙසේ හෝ මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන ජාඇල කණුවන ශාන්ත ජෝෂප් දේවස්ථානයේ මීසම් පාලක ගරු ලෙස්ටර් නෝනිස් පියතුමා අවධාරණය කරනුයේ ඉහත සඳහන් සියලු ක්‍රියාවන් කිතු දහම, කිතුනු සසුන සහ සංස්කෘතිය මගින් තරයේම ප්‍රතික්ෂේප වන බවය. එමෙන්ම මරණයෙන් උත්ථාන වූ කිතු සමිඳාණන්ගේ තේජස්වීය පිළිබඳ පරම විශ්වාසයෙන් පසුවන කිසිම කිතුනුවකු සිතුවිලි මාත්‍රයකින් වත් මෙවැනි නිසරු පුහු විශ්වාස කෙරෙහි තැකීමක් නොකරනු ඇතැයි ද පියතුමා වැඩිදුරටත් අවධාරණය කරයි.
එතුමන්ගේ එම ප්‍රකාශය තරයේ සනිටුහන් කරගත් මම ඉන්පසුව ජාඇල ප්‍රදේශයේ සුසාන භූමිවල සිදුවන මෙම අන-වින ආදි හූනියම් වශයෙන් සැලකෙන මෙම ක්‍රියාවන් හා සම්බන්ධ සැබෑ ‘වගඋත්තරකරුවන්’ කවුරුන්ද යන්න පිළිබඳ සියුම් විමර්ශනයක යෙදුනෙමි. මෙහිදී මාධ්‍යවේදී ප්‍රසංග පෙරේරාගෙන් සහ මෙවන් ගුප්ත විද්‍යා කටයුතු පිළිබඳ ස්වාධීන විමර්ශකයකු වන ජෝන් ගෙග්‍රරි වෙතින් ඒ හා සම්බන්ධ ස්ථානීය පරීක්ෂණවලදී මා වෙත ලැබුණේ සුවිශේෂ සහයකි.
ප්‍රසංගගේ සහ ජෝන්ගේ විමර්ශනවලට අනුව මෙම සියලු ගුප්ත විද්‍යා කටයුතු සඳහා යොදාගෙන ඇත්තේ අලුත් මිනී වළවල්ය. එහෙත් පොල් ගැසීම පිණිස පමණක් සිමෙන්තියෙන් බඳින ලද පැරණි මිනී වළවල් ද යොදාගෙන තිබිණ. ඒ පස් ගොඩැලි සහිත මිනී වළවල් මත පොල් ගැසිය නොහැකි බැවින් විය හැකිය. ඒ ඔස්සේ වඩාත් සියුම් නිරීක්ෂණයක යෙදුණු ඔවුන්ට එහි තුළ ඇති කිසියම් අපූරු රටාවක් වටහා ගැනීමට ද හැකිවීම විශේෂත්වයකි.
එනම්, එසේ පොල් ගැසීමට යොදාගෙන තිබූ සෑම මිනී වළක්ම වයස අවුරුදු තිහට අඩු තරුණියන්ගේ වීමය.
ජාඇල - ගම්පහ ප්‍රධාන මාර්ගය අද්දර ඇති මාකේවිට පොදු සුසාන භූමිය ගම්පහ ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන ජාඇලට මඳක් ඔබ්බෙන් ඇති ප්‍රධානතම සොහොන් බිමකි. තවමත් ගම්බද වටපිටාවක පිහිටි එහි භාරකරුවන් පවා නොමැත. ඒ අනුව එය ද මෙවන් ගුප්ත විද්‍යා කටයුතු සම්බන්ධයෙන් තෝතැන්නක් විය නොහැකිද යන්න පිළිබඳව අපි එම සොහොන් පිටිය අද්දර ප්‍රදේශ වාසීන්ගෙන් අසා සිටියෙමු.
“ඉඳලා හිටලා උදේට බලන කොට ඔය කනත්තේ පිදේනි තටුවක් වාගේ දෙයක් නම් තියනවා; ඒවා ඉතින් මේ පළාත්වල මිනිස්සුන්ට එච්චර අමුතු දේවල් නෙවෙයි; ඉස්සර නම් මේ පැත්තේ තොවිල්පළවල්වල ඉඳලා පාන්දර ජාමෙට මිනියක් ගේන විදිහට ආවේශවෙලා සිහිමුර්ජා වුණු යකැදුරෙකුව මැස්සක් උඩ තියලා මේ කනත්තට ගෙනාවා; ඒකට මිනිස්සු කිව්වේ දරහැව ගේනවා කියලා; නමුත් මතක ඇති කාලෙකින් එහෙම දරහැවක් ගෙනත් නෑ” අපගේ එම විමසුමේ දී අදහස් පළ කළ ප්‍රදේශවාසී වියපත් ගැමියෙක් කීය.
ඉස්සර වගේ නෙවෙයි, දැන් මේ වටපිටාවේ ආදාහනාගාර කීපයක්ම තියනවා, දැන් මේ පළාත්වල සමහරු මිනී ගෙනියන්නෙ ඒවට; අනික දැන් මේ පළාත්වල මිනී වළවල් කපන්න මිනිස්සු හොයා ගන්න එකත් සෑහෙන ප්‍රශ්නයක්; ඒ හින්දා දැන් ඉතින් අලුත් මිනී වළවල් තියෙන්නේ කතෝලිකයන්ගේ කුරුස පිට්ටනිවල තමයි;” වැඩිදුරටත් ඔහු කළ එම ප්‍රකාශයේ ද මතෛක් අපගේ අවධානයට ලක්නොවූ රහසක් ගැබ්ව ඇතැයි මට සිතිණි.
ජාඇල කණුවන රෝමානු කතෝලික සුසාන භූමියේ සිදුවන බව පැවැසෙන ඉහත සඳහන් ගුප්ත ක්‍රියාකාරකම්වලට සැබැවින්ම සම්බන්ධවනුයේ කවුරුන්ද යන්න පිළිබඳව ප්‍රයෝගික පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් වූ ප්‍රසංග පෙරේරා ද ඒ සම්බන්ධ යම් විශේෂිත අත්දැකීමක් ලබා තිබිණ. ඔහුගේම වදන්වලින් පැවැසුවහොත් ඒ මෙලෙසිනි.
“පසුගිය දවස්වල මට වුවමනා වුණා රෑට රෑට ඔය කණුවන සුසාන භූමියේ සිද්ධ වෙන්නේ මොනවද කියලා දැනගන්න; එතනදී මම කළේ ඒ සොහොන් පිටිය කිට්ටුවම තියන මගේ හිතවතකුගේ ගෙදරට වෙලා මැදියම් රාත්‍රිය කිට්ටු වෙනකොට සොහොන් පිට්ටනිය දිහා ඇහැ ගහගෙන ඉන්න එක. ඒ ගෙදරින් මිනී පිට්ටනියයි අතරේ දුර මීටර් පනහක්වත් නැති තරම්. මුල්ම දවසේ නම් කිසිම දෙයක් දකින්න ලැබුණේ නෑ. ඒත් මම දෙවනි සැරේට එහේ නතර වුණේ පහුගිය ජූලි දොළොස් වෙනිදා ඇසළ පෝය දවසේ. සාමාන්‍යයෙන් පුර පසළොස්වක පෝය දවස්වලට මේ වගේ බලි තොවිල් ශාන්තිකර්ම වගේ දේවල් කෙරෙන්නේ නැති නිසා මාත් තරමක් අනුමානෙට වගේ තමයි එදා මේ වැඩේට සම්බන්ධ වුණේ. කොහොම හරි එදා රෑ දොළහටඔන්න මෙන්න වගේ තියෙද්දී කනත්ත ඉස්සරහ තුන්මං හන්දියේ තුන්දෙනෙක් නතරවෙලා මොනවා හරි කරනවා මං දැක්කා. එතකොටම මං පාරට බැහැලා, ඒ ගැන විපරම් කළා. එතකොට ඒ එක්කෙනෙකුගේ අතේ මොකක් හරි ආයුධයකුත් තියනවා යන්තමට දැක්කා. ඒ එක්කම මට තේරුණා; මෙතන අපි බලාපොරොත්තු වෙන දෙයක් සිද්ධ වෙනවා කියලා. ඒ හින්දා මම පුළුවන් තරම් ඉක්මනට ඒ ගෙදර උඩ තට්ටුවට දිව්වා. කැමරාව ගේන්න. ඒත් කැමරාව අරන් එනකොට ඒ තුන්දෙනා අතුරුදන් වෙලා. නමුත් ඒ වෙනකොටත් ඒ තුංමං හන්දියේ පුහුල් ගෙඩියක් එක්ක තිබුණු මොකක් හරි දෙයක් ඇවිළෙනවා, ඒත්, අර මිනිස්සු කොහාට ගියාද හොයා ගන්න නෑ. කොහොම හරි එතනම තිබුණු මෝටර් ස්පෙයා පාට්ස් කඩයක් ඉස්සරහ වයසක මිනිස්සු දෙන්නෙක් හිටියා, මං හිතන්නේ ඒ එතන මුර කරන අය. මං ඒ අයගේන ඇහුවා, දැන් මෙතන හිටපු තුන්දෙනා කොයි පැත්තටද ගියේ කියලා, ඒ ඒ මිනිස්සුන්ටත් ඒක හරියට කියන්න බැරි වුණා. කොහොම හරි අන්තිමට මට පින්තූරයක් ගන්න හරි ඉතුරු වුණේ අර පිච්චෙන ටික විතරයි. ප්‍රසංග කීය.
බලිතොවිල් ශාන්තිකර්ම අන වින හදි හූනියම් ආදී ගුප්ත විද්‍යා කටයුතු සාම්ප්‍රදායික සහ පරම්පරාවෙන් පරම්පරාවට පැවැත එන දේවල් ලෙසින් බොහෝ දෙනෙක් දකිති. එහෙත්, වර්තමානය හා සසඳන විට එය අර්ධ සත්‍යයකි. ඊට හේතුව නවීන තාක්ෂණය හා බද්ධ වූ නව පරපුරේ යකැදුරු පරපුරක් ද දැන් අප සමාජයේ ඉස්මතු වී සිටීමය. කිසියම් නිවසක භූත දෝෂයක් ඇත්දැයි විමසා බැලීම පිණිස ඔවුන් යොදා ගන්නා උපකරණ දෙකක් තිබේ. එනම් සංයුක්ත කැමරාවක් සහ ලැප්ටොප් පරිගණකයකි. මෙලෙස සංයුක්ත කැමරාවලින් ගනු ලබන ඇතැම් ඡායාරූපවල ඉතා සියුම් දූවිලි හෝ ජල අංශූන් ලප වශයෙන් එහි සංවේදකය මත සටහන් වෙයි. එය එම කැමරා විශේෂයේ ඇති පොදු තාක්ෂණික දුර්වලතාවයකි. එහෙත් මේ සම්බන්ධයෙන් අප ජන සමාජයේ පවතින නොදැනුවත්කම කොතෙක්ද යත් සමහරුන් මේ ලප හඳුන්වනුයේ එම ඡායාරූපවල සටහන්ව ඇති භූත සලකුණු වශයෙනි. එමෙන්ම නිවෙස් තුළ හිඳින භූතයන් එලෙස සංයුක්ත කැමරා මගින් ඡායාරූපවලට නංවා ගන්නා නවීන යකැදුරෝ එම ඡායාරූප තමන් රැගෙන එන ලැප්ටොප් පරිගණකවලට පිවිසුවා ඒ ලප විශාල කොට ඒවා තුළ ඇති යම් යම් හැඩතල (හඳේ ආවාට සාවකු සේ ප්‍රකාශ වන පරිදි) නිවැසියන් හමුවේ ඉදිරිපත් කරති. ඒ ඒවා භූතයන්ගේ බවට පසක් කරවමිනි. මෙසේ ඡායාරූප මාධ්‍යයෙන් භූතයන් සෙවීම නොකළ ද ඉංග්‍රීසි ගුරුවරයකු සහ මනෝ විද්‍යා උපදේශකවරයකු ලෙස ද කටයුතු කළ මෙබඳු නවීන පරපුරේ සාම්ප්‍රදායික නොවන හෝමාගම, කිරිවත්තුඩුව ප්‍රදේශයේ විසූ තිස් දෙහැවිරිදි යකැදුරකු පසුගිය වසරේ සැප්තැම්බර් 05 දා අලුයම අකල් මරණයකට පත් විය. ඒ ඔහුගේම සංකල්පයක් මත ගොඩ නැගුණු ශාන්තිකර්මයක දී අඩි තුනක් ගැඹුරැති වළක් මැද වැළලී හිදීමේදී සිහි විසඥවීමෙනි. මේ ආකාරයේ සාම්ප්‍රදායික නොවන නවීන තාක්ෂණය හා බද්ධ වූ නවපරපුරේ යකැදුරු පිරිසක් ජාඇල ප්‍රදේශයේ ද හිඳින බවට මේ වන විට අප වෙත තොරතුරු ලැබෙමින් තිබේ. ඉහත සඳහන් ජාඇල ප්‍රදේශයේ සොහොන් පිටිවල සිදු කෙරෙන ගුප්ත විද්‍යා කටයුතු සඳහා මෙම නවීන යකැදුරන්ගේ ද යම් දායකත්වයක් තිබිමට පුළුවන.
ගුප්ත විද්‍යා කටයුතු ලෙසින් සිදුවන මෙවන් නිසරු බොළඳ කටයුතු සම්බන්ධයෙන් කිතුනු ප්‍රජාවේ කිසිදු සබැඳියාවක් නැතැයි ගරු ලෙස්ටර් නෝනිස් පියතුමාගේ ප්‍රකාශය හා ව්‍යංගයෙන් සම්බන්ධ වන පුද්ගලයකු ගැන ද අපට මෙම විමසුමේදී දැන ගන්නට ලැබිණ, ඒ උපතින් කිතුනුවකු වුවද දැනට බෞද්ධයකු වශයෙන් පෙනී සිටිමින් මෙබඳු ශාන්තිකර්මවල යෙදෙන්නකු පිළිබඳවය. එබැවින් ඔහුගේ එම ක්‍රියාකාරකම්වල ස්වභාවය විමසීම පිණිස අපි පසුගියදා කඳාන රිලවුල්‍ලේ පිහිටි ඔහුගේ නිවසට ගියෙමු. බෞද්ධ කොඩි බෞද්ධ සම්ප්‍රදායේ සැරසිලිවලින් යුතු වීම නිසා දුරසිට බලන්නකුට නිවසකට වඩා පන්සලක ස්වරූපයෙන් යුතු ස්ථානයක හුදකලාවේ පදිංචි වී සිටින ඔහුගේ නම ඩී.ඩී. නෝබට් බෙනඩික්ය. එහෙත් ප්‍රදේශවාසීන් බොහෝ දෙනෙකු ඔහු හඳුන්වනුයේ 'සාදු' නැතහොත් 'සාමි' යනුවෙනි. ජාඇල ප්‍රදේශයේ සොහොන් පිටිවල සිදු කෙරෙන මෙම ගුප්ත විද්‍යා කටයුතු සම්බන්ධයෙන් සාදු හෙවත් සාමී නමින් හැඳින්වෙන ජන්මයෙන් කිතුනු බැතිමතකු වූ මෙම නෝමන් බෙනඩික්ට්ගේ සබැඳියාව කුමක්දැයි අපි විමසා බලන්නට වීමු.
ඡායා - ප්‍රසංග පෙරේරා
මෙම ලිපියේ අවසන් කොටස
ලබන සතියේ...