බ්‍රිතාන්‍ය ජාතික සහන සේවකයෙකු වූ කුරාම් ෂෙයික් මරා දමා ඔහුගේ පෙම්වතිය වූ වික්ටෝරියා සමූහ දූෂණයට ලක් කල බවට එල්ල වූ චෝදනාවලට තංගල්ල ප්‍රාදේශීය සභාව් හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර ඇත.
කුරාම් ෂෙයික් ඝාතනයට වසර 20ක් සහ වික්ටෝරියා දුෂණය කිරීමට වසර 20ක් ලෙස වසර 40ක සිර දඬුවම් ඒ අනුව ඔවුනට හිමිවේ.
2011 නත්තල් දිනයේදී තංගල්ල නේචර් රිසෝට් හෝටලයේදී මෙම ඝාතනය සහ දුෂණය සිදුව තිබිණ.
කොළඹ මහාධිකරණය හමුවේ අදාළ නඩුව වසර දෙකහමාරක පමණ කාලයක් විභාග වූ අතර මහාධිකරණ විනිසුරු රෝහිනි වල්ගම මහත්මිය විසින් මෙම නියෝගය ලබාදී ඇත.