බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් විසින් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බොලිවුඩ් නිලියක් වන ජැකලීන් ෆර්නැන්ඩිස් හට තිළිණයක් ලබා දී ඇති බව වාර්තා වේ. සල්මන් මෙසේ ජැකලීන් හට තිලින කොට ඇත්තේ මුම්බායි නුවර බන්ද්‍රා ප්‍රදේශයෙන් නිදන කාමර තුනකින් සමන්විත තට්ටු නිවාසයකි.
සල්මන්ගේ නවතම බොලිවුඩ් නිෂ්පාදනය වන “කික්” හි ඔහුගේ පෙම්වතිය ලෙස රංගනයෙන් එක වී සිටින්නේ ජැකලීන් වන අතර චිත්‍රපටයේ සාර්ථකත්වය සමඟ ජැකලීන් හට එම තෑග්ග ලබා දුන් බව සල්මන් ඉන්දියානු මාධ්‍ය වෙත පවසා තිබේ.
සල්මන් මෙයට පෙරද ඔහුගේ චිත්‍රපටවල පෙම්වතියගේ චරිතය රඟපෑ නිළියන්ට මිල අධික තිලින ලබාදුන් බව වාර්තා වේ.






