නවසීලන්තයේ ඔටාගෝ වරායට ඉහළින් හඳුනානොගත් ආකාශ වස්තූන් දෙකක් තිබෙනු ඡයාරූපගත කර ඇතැයි වාර්තා වේ.
චීන ජාතිකයකු සහ නවසීලන්තයේ ශිෂ්යයකුද වන 25 හැවිරිදි ටෙරන්ස් හුවෑන්ග් පවසා ඇත්තේ තමන් සහ මිතුරෙකු විසින් ඩන්ඩින්හි සිට මෙම ඡයාරූප ගත් බවයි.
තමන් ඡයාරූප 20ක් පමණ ගත් නමුත් ඒවා පරීක්ෂා නොකර නිවසට පැමිණි බවත් පසුව ඒවා ලැප්ටොප් පරිඝනකයට දැමීමේදී මෙම ආකාශ වස්තූන් නිරීක්ෂණය වූ බවත් ඔහු පවසා තිබේ.
කෙසේවෙතත් හඳුනානොගත් ආකාශ වස්තූන් සැක කරන්නෙකු වන ස්ටීව් රොබට්ස් පවසා ඇත්තේ මෙය ආලෝක ප්රභවයක බලපෑමෙන් සිදු කාච විකෘතියක් බවයි.
සූර්යාලෝකය හෝ විදී ලාම්පුවක් වැනි ඕනෑම ප්රබල ආලෝක ධාරාවක් හේතුවෙන් මෙය සිදුවිය හැකි බව ඔහුගේ අදහසයි.
ඩිජිටල් කැමරාවන් මෙවැනි විකෘතීන් බහුල ලෙස සිදුකරන බවත් ආකාශ වස්තූන් දෙක ඡයාරූපවල මිස සැබෑ අහසේ නොවූ බවත් ස්ටීව් රොබට්ස් පවසා තිබේ.