-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගල්කිස්‌ස ප්‍රදේශයේ විවාහ මංගල උත්සව පැවැත්වෙන උත්සව ශාලාවල කාමරවලට රාත්‍රි කාලයේ ඇතුළුවී මුදල්, රන් භාණ්‌ඩ හා දේපළ කොල්ලකෑමේ නියුතු පුද්ගලයකු ඉකුත්දා අලුත්කඩේ ප්‍රදේශයේදී ගල්කිස්‌ස කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කියයි.

වයස අවුරුදු 32 ක්‌ වන සැකකරු වනාතමුල්ල සහශ්‍රපුර පදිංචිව සිට ඇත. ඔහු දිවයිනේ නමගිය අපරාධකරුවන්ගේ නාම ලේඛනයේ සඳහන් අයකු බවත් අනාවරණය වී තිබේ. මොහු මෙයට පෙර මංකොල්ලකෑම් සම්බන්ධයෙන් කොළඹ හා කැස්‌බෑව යන අධිකරණවලින් වරෙන්තු නිකුත් කර සිටින අයකු බවද පොලිසිය කියයි.

සොරාගත් දේපළවලින් ලැප්ටොප් පරිගණක යන්ත්‍ර පහක්‌ පිටකොටුව හා අලුත්කඩේ ප්‍රදේශවලට අලෙවි කර තිබියදී පොලිස්‌ භාරයට ගනු ලැබූ බවත් රන් භාණ්‌ඩ හා මුදල් සොයා පුළුල් ලෙස පරීක්‍ෂණ පවත්වන බවත් පොලිසිය සඳහන් කරයි.

ගල්කිස්‌ස කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රවීන්ද්‍ර කරවිට මහතාගේ අධීක්‍ෂණයෙන් ගල්aකිස්‌ස කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක කුමාර නලවංශ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ සැරයන් ටෙරන්ස්‌ (41026), පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන අමිල (67668), හර්ෂණ (89138), සම්පත් (77489), ජයසුන්දර (44713), ටිරෝන් (73761), µයිසර් (44753) යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos